Friday, May 17, 2024

කොවිඩ් ආසාධිත වෙන්නප්පුවේ පුද්ගලයෙකු මියයයි

Must read

wencovid

වෙන්නප්පුව – සහනගම පදිංචිව සිටි පුද්ගලයෙකු  ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය යාමෙන් අනතුරුව සිදු කර ඇති පරීක්ෂණයකදී එම අය කොවිඩ් ආසාධිත අයෙකු බවට අනාවරණය වී ඇත. මිය ගොස් ඇත්තේ 86 හැවිරිදි පිරිමි අයෙකි. කොච්චිකඩේ – සල්ගස්වත්ත පාර පදිංචි මෙම පුද්ගලයා මීට මාස දෙකකට පමණ පෙර දී වෙන්නප්පුව – සහනගම පදිංචි තම දියණියගේ නිවසට පැමිණ ඇත.දියණියගේ නිවසේ සිටි ඔහු පසුගිය 14 වැනිදා හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මීගමුව මහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.එහිදී සිදු කරන ලද පී.සී.ආර්.පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ එම අයට කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බවය.එම අය මිය ගොස් ඇත්තේ කොවිඩ් හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයක් බවට සැකකරන බව වෛද්‍යවරුන් සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article