Friday, May 17, 2024

ගමක් හුදකලා කිරිමට මඟ පෑදු සෙව්වන්දි හෝටලයට අදාළව නීතිමය පියවර ගතයුතුයි

Must read

WhatsApp Image 2021-05-14 at 21.40.31
කොරෝනා නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ විවාහ උත්සවයක් හේතුවෙන් සිදුවූ කොරෝනා ව්‍යාපාත්තිය පාලනය කිරීමට මැද කිරිමැටියාන ප්‍රෙද්ශය හුදකලා කරන ලද්දේ පසුගිය 11 වනදාය.  මෙම මගුල් උත්සවය පවත්වා ඇත්තේ මැයි 03 වනදා කිරිමැටියානේ පිහිටි ‘සෙව්වන්දි’ නම් උත්සව ශාලාවේය.  ඒ අතර මෙම ස්ථානයට පැමිණි කාන්තාවක්  කොවිඩ්  අසාධිතයෙකු වීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකුට කොවිඩ් අසාධිතවී ඇති බව සෞඛ්‍ය අංශ විසින් සොයාගත් අතර පසුව මැද කිරිමැටියාන හුදකලා කරන ලදී. මේ වනවිට ලැබෙන නිල නොවන ආරංචි මාර්ග අනුව මෙම විවාහ උත්සවයට 300ක් පමණ දෙනා සහභාගී වී ඇති අතර, බොහෝ දෙනෙකු ගම්වාසීන් වන අතර මනාළ යුවලටද මේ වනවිට කොවිඩ් අසාධනය වී ඇති බවය සැලය. මැද කිරිමැටියාන අයත්වන්නේ කොස්වත්ත පොලිස් බල ප්‍රදේශයටය.
මැයි 03 වනදා වනවිට කොරෝනා 3 වන රැල්ල පිළිබදව උපදෙස්, නිකුත් වී තිබියදී  ප්‍රසිද්ධ හමුවිම් ,උත්සව ,බාර් තහනම් කර තිබියදී මෙවැනි විශාල පිරිසකට පැමිණිමට අවසර දෙමින් සෙව්වන්දි හෝටලයේ හිමිකරුවන් කර ඇත්තේ සුළුපටු වරදක් නොවේ. වාර්තා වන අන්දමට ඔවුන් අවසර ගෙන ඇත්තේ 50 දෙනෙකු සහභාගී කරවීමට වුවත් එය එසේ සිදුවී නොමැත. සෞඛ්‍ය බලධාරීන් ද වගකිවයුතු ආකාරයක් පෙනෙන මෙම සිදුවිමට මුලපිරී සෙව්වන්දි හෝටලයේ හිමිකරුවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගතයුතු වන අතර අදාළ  බලධාරීන් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන ඇති අයුරු දැනගන්නට නොමැත. මාස්ක් නොමැතිව පාරේ ගමන් කරන අහිංසක මිනිසුන් කුදලාගෙන ගොස් කූඩු වලට දමන පොලීසියට නීතියට ද වංචා කරමින් ගමක් හුදකලා කරන්නට මඟ පැදූ මෙම හෝටලේ අයිතිකරුවන්ට දෙන දඩුවම කුමක්ද ?

 

 

කිරිමැටියාන හුදකලා කරයි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article