Sunday, May 19, 2024

මාලු විකුණන මුවාවෙන් හෙරෝයින් ඡාවාරමක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Must read

1579063164-Herroin_Arrested_L

(10.45am) හලාවත කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරයේ සිට මෙහෙයවන ලද හෙරෝයින් මත් කුඩු ජාවාරමක්  වටලා තිබේ.

22 වැනිදා පෙරවරුවේ නාත්තන්ඩිය – හැවන ප්‍රදේශයේදී යතුරු පැදියකින් මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම තොරතුරු අනාවරණය වී ඇත.සැකකරු සතුව තිබී හෙරෝයින් මත් කුඩු ග්‍රෑම් 11 හි මිලි ග්‍රෑම් 400 ක් විස මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරී විසින් තම බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු නාත්න්ඩිය – හැවන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකි.ඔහු මාළු අලවි කරන මුවාවෙන් හෙරෝයින් ජාවාරම සිදු කර ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.

මිනී මැරුම් නඩුවක වැරදි කරුවී එල්ලුම් ගස් නියම වී දැනට වැලිකඩ බණ්ධනාගාරයේ සිටින සිරකරුවෙකු විසින් මෙම හෙරෝයින් මත් කුඩු ජාවාරම මෙහෙයවන බවත්,තමන් ඔරුගොඩවත්ත ප්‍රදේශයට ගොස් මත් කුඩු රැගෙන එන බවද සැකකරු වැටලීම කළ නිලධාරීන් හමුවේ පවසා ඇත.

සැකකරු සහ මත් කුඩු තොගය මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා මාරවිල පොලීසියට බාර දී ඇත.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article