Friday, May 3, 2024

මැතිවරණ නිලධාරිවරුනි ‘ රත්නසේකර’ ගලවමුද ?

Must read

rathnasekara 1.jpg 2
(8.37 am ) 1993 වසරේ සිට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමග එක්ව කටයුතු කිරීම පිළිබඳව ඇති පළපුරුද්ද අනුව මැතිවරණ වකවානුවක්වූ මෙ⁣ම අවධියේ මැතිවරණ කොමිසම පැනවූ නීති රීති අනුව රටේ කටයුතු සිදුවේදැයි යන්න ගැන විමසිල්ලෙන් සිටින අතරතුර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණු අපේක්ෂක පුද්ගලික උපකාරයක පංති ගුරුවරයෙකු වූ රත්නසේකර යන අය විසින් සිය පංතිය වෙනුවෙන් ප්‍රසිද්ධ කරන ලද ප්‍රචාරක පුවරුවක් පිළිබඳව අපගේ අවධානය යොමු විය.

කුරුණෑගල නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග සියල්ලම ආවාරණය වන පරිදි මෙම පුවරු විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කර ඇති අතර එහි   “රත්නසේකර ” යන නම පැහැදිලිව දැක්වේ. ව්‍යාපාරික අවශ්‍යතාව මත මේවා ඉදිකර ඇති බවක් බැලූ බැල්මට පෙනී ගියද ඒවා අනියම් ආකාරයකින් සිය මැතිවරණ කාර්‍යය සඳහා උපයෝගී කරගැනීම ඔහුගේ අරමුණක් වී ඇති බව ඉතා පැහැදිළිය. මේවා යකඩ රාමු මත කලක් පවතින ආකාරයට සකස් කොට ශක්තිමත් ලෙස සිටුවා ඇති අතර එහි ආරක්ෂාව සඳහා උපක්‍රමික ලෙස කුරුණෑගල ප්‍රාදේශීය සභාව ලෙස රාජ්‍ය ලාංඡනයද ඇතුලත් වන පරිදි සටහනක්ද යොදා ඇත.  රත්නසේකර යනු ” වියත්මග” නියෝජනය කරමින් කුරුණෑගලට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයෙකි. එම වියතා තුන්කල් දක්නට හැකියාව ඇත්තෙක් බව පෙනේ.


ඥානවීර දිසානායක

(මේ කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ස්ථාන තුනක් ඡායාරූප වල දැක්වේ )

rathnasekara 3 rathnasekara 1

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article