Sunday, May 19, 2024

මැතිවරණ ප්‍රචාරනයේ යෙදී සිටි පුද්ගලයෙකුට හලාවතදී පහරදෙයි

Must read

1

හලාවත – අළුත්වත්ත ප්‍රදේශයේ දී සිදු කර ඇති පහර දීමකින් පාර්ලිමේන්තු මැතිවරණයට ස්වාධීන අංක 04 යටතේ ඉදිරිපත් වන අපේක්ෂකයෙකු ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් වී ඇත.
17 වැනිදා රාත්‍රී 8.45 ට පමණ හලාවත – අළුත්වත්ත ප්‍රදේශයේදී මෙම පහර දීම සිදුවී ඇත.
පහර කෑමට ලක්ව ඇත්තේ සූරියහෙට්ටි අධිකාරි මුදියන්සේලාගේ සුගත් කුමුදු නම් අයෙකි.
තමන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටින විට දෙදෙනෙකු පහර දීම සිදු කළ බවත් ඔවුන්ව හදුනන බවත් රෝහල් ගත කර සිටින අය පොලීසියට පවසා ඇත.
සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article