spot_img
spot_img
Sunday, July 5, 2026
spot_img
spot_img

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමෙන් 27ක් රෝහල්ගත කරයි

Must read

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ රැඳවියන් 27දෙනෙ පමණ මීගමුව මුලික රෝහ⁣ලට ඇතුළත් කර ඇත. ඒ අතරින් එක් පුද්ගලයෙකුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මේ වන විට රෝහල් ගත කල පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බවද වාර්තා වු අතර තවත් එක් රැඳවියකු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවද වැඩිදුරටත් වාර්තා විය. එලෙසම තවත් රැඳවියන් දෙදෙනකු පලා ගොස් ඇති බවට සැකයක් ඇතිවී ඇති බවද මෙහිදී වැඩිදුරටත් වාර්තා විය. මේ වන විට තත්ත්වය පාලනය කර සමනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකායද කැඳවා ඇත.

බන්ධනාගාරය තුළ ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වය සහ ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කටුවැල්ලේගම පදිංචි කරුවෙකු වු සුරේෂ් පුෂ්පකුමාර නැමැති පුද්ගලයෙකු මෙම ගැටුමට මුල් වී ඇති බවද මෙහිදී වැඩිදුරටත් වාර්තා විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙන බවද වාර්තා විය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article