මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණින් සෞඛ්‍ය කාර්ය සහායක (SKS) තනතුර සඳහා බඳවාගත් 627 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) මරදාන ටවර් පරිශ්‍රයේදී පැවැත්විණි.







