Sunday, May 5, 2024

මුන්දලම , පල්ලම සහ දංකොටුවෙන් කොවිඩ් මරණ 3 ක්

Must read

covid1

මුන්දලම,පල්ලම සහ දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වසම් වල පදිංචිකරුවන් තිදෙනෙකු සහ ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු කොවිඩ් වෛරසය හේතුවෙන් මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි.

මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මංගළඑළිය පදිංචි 64 හැවිරිදි අයෙකු අනුරාධපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. මේ අතර නිකවැරටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 51 හැවිරිදි අයෙකුද කොවිඩ් වෛරසය ආසාධනය වීම හේතුවෙන් මිය ගොස් ඇත.එම අය පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මදවක්කුලම පදිංචි අයෙකි.

මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දංකොටුව පදිංචි කාන්තාවක්ද කොව්ඩ් හේතුවෙන් මිය ගොස් ඇත.71 හැවිරිදි එම කාන්තාව උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර සිටි අයෙකි.

මේ අතර,හලාවත – ඉරණවිල කොව්ඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි 75 හැවිරිදි අයෙකු මිය ගොස් ඇත.එම අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


 

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article