වෙන්නප්පුව – සින්ද්‍රාත්‍රිෙය් පිහිටි කෝච්චි පෙට්ටි පාලම දැනට වසර 17කට මෙහා පැවති කිසිදු රජයකින් ප්‍රතිසංස්කරණය නොකළ බව ප්‍රෙද්ශවාසීන් දිගින් දිගටම පවසයි. මෙම පාලම යටින් ගලා යන්නේ ගිං ගඟ සහ මා ඔයට යා කෙරෙන ඕලන්ද ඇල හෙවත් හැමිල්ටන් ඇලයි. මෙම ඇල නැවත මා ඔයට සම්බන්ධ වේ. මෙම ස්ථානය පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී නිතිඥ චිත්‍රාල් ප්‍රනාන්දුගේ නිරීක්ෂණයට ලක්වීය. ඔහුද මේ සම්බන්ධයෙන් ඔහුගේ මුහුනු පොතේ සඳහන් කර තිබේ. වයඹ ටුඩේ වෙබ් අඩවිය විසින් 2022 වසරේදී මෙම ස්ථානය සම්බන්ධයෙන් විමසා බලා අවට ජනතාවගෙන් තොරතුරු විමසා මේ සම්බන්ධයෙන් වාර්තා කරන ලදී. මෙම පාලම මේ වනවිට තවත් අබලන් වී ඇති බව හොඳටම පෙනී යයි. එදින අපට එම ගම්වාසීන් පැවසූවේ ගමේ ජනතාවට අමතරව මෙම පාලම අවට පරිසරය (ගිං ගගේ අතු ගංගාවක් ) නැරඹිමට විදේශිකයින්ද නිතරම පැමිණෙන බවයි. වර්තමාන රජය විසින් ආරම්භ කිරීමට නියමිත සංචාරක කර්මාන්තය බැදුන හැමිල්ටන් ඇල සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය පිළිබදව වෙන්නප්පුව ප්‍රා.සභාවේදී විශේෂ වැඩසටහනක් ලෝක නගර දිනය වෙනුවෙන් පැවැත්විණි. සංචාරක කර්මාන්තය දියුණු කිරීමේදී මෙවැනි ස්ථාන ගැන රජයේ හා බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු අතර හැමිල්ටන් ඇල හෙවත් ඕලන්ද ඇල සංවර්ධනය කිරීමේ මුවාවෙන් පසුගිය කාලයේ ජනතාවට ඕනෑ තරම් රැවීටිම් සිදුකර ඇති අතර මේවර වත් ඕලන්ද ඇල සංවර්ධනය නියමාකාරයෙන් සිදුවනු ඇති බවට බලාපොරොත්තු තබාගත හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි.
මෙම ඡායාරූපය ගන්නා ලද්දේ 2022 වසරේදීයි.
2025 
2022 වසරේ මෙම ස්ථානය සම්බන්ධයෙන් පලකළ වීඩියෝවක්







