spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

‘යහපත් සමාජයක් ගොඩනැගීමේදී මාධ්‍යවේදීන්ට විශාල කාර්ය භාරයක් ‘තිබෙනවා.

Must read

යහපත් සමාජයක් ගොඩ නැගීම සදහා මාධ්‍යවේදීන් විසින් විශාල කාර්ය භාරයක් සිදු කරමින් පවතින අතර තුර ඇතමුන් විසින් කරණු ලබන නිවැරදි නොවන වාර්තාකරණයන් නිසා සමාජයට සිදුවන හානිය ඉතා විශාල බල පුත්තලම දිසා ලේකම් ඉන්දික සිල්වා මහතා පැවසීය. පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සදහා පැවති වැඩ මුළුවකදී දිසා ලේකම්වරයා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා පුවත් පත් මණ්ඩලය විසින් සංවිධානය කරන ලද යහපත් සමාජයක් ගොඩනැගීම උදෙසා ජනමාධ්‍යවේදියාගේ කාර්ය භාරය මැයෙන් මෙම වැඩ මුළුව පැවැත්වුණි.ඉකුත් 03 වැනිදා පුත්තලම දිසා ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී මෙම වැඩ මුළුව පැවැත්වුණි.

එම වැඩ මුළුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුත්තලම දිසා ලේකම් ඉන්දික සිල්වා මහතා මෙසේද පැවසීය.

පුත්තලම දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සමග මට සමීපව රාජකාරි කරන්න පළමු වතාවට ලැබුනේ පසුගිය ‘දිට්වා’ සුළි කුණාටුව අවස්ථාවේදී.එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් ඉටු කළ සේවය අති විශාලයි.ඕනෑම දෙයක් සාර්ථකව සිදු කරන්න නම් තෙවැනි පාර්ශවයකගේ සහාය ඉතාමත්ම අවශ්‍ය වනවා.දිට්වා සුළි කුණාටුව අවස්ථාවේදී ජනතාවගේ පැත්තේ සිට මාධ්‍යවේදීන් රාජ්‍ය නිලධාරීන්ට විශාල සහායක් ලබා දීම ඉතාමත්ම පැසසිය යුතු කරුණක්.

යහපත් සමාජයක් ගොඩනැගීමේදී මාධ්‍යවේදීන් සතුව විශාල කාර්ය භාරයක් තිබෙනවා.කිසියම් තොරතුරක් සමාජ ගත කිරීමට පෙර එම තොරතුරේ ඇති නිවැරදි භාවය සනාථ කර ගැනීම අනිවාර්යෙන්ම කළ යුතු වනවා.එසේ නොවන්නේ නම් සිදු විය හැකි හානිය අති විශාලයි.අපි අමතක නොකළ යුතු වන්නේ නිවැරදි වාර්තාකරණය නිසා සමාජයට විශාල සේවාවක් සිදු වන බවයි.කිසියම් ආකාරයකට මාධ්‍යව්දියා විසින් සිදු කරන වාර්තාකරණය අන්තගාමී වන්නේ නම් ජනතාවගේ සුභ සාධනයට එම තත්ත්වය විශාල වශයෙන් බලපෑම් කළ හැකි බව අපි අමතක නොකළ යුතුයි.

මෙම වැඩ මුළුවේදී “ජනමාධ්‍යවේදියාගේ වෘත්තීය භාවය හා නෛතික පසුබිම” පිළිබදව නීතිඥ ජගත් ලියනාරච්චි මහතා විසින්ද,’ජනමාධ්‍යවේදියාගේ වගකීම හා එහි ඇති වැදගත්කම” පිළිබදව ජේෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා මහතා විසින්ද දේශණ පවත්වන ලදි.

ශ්‍රී ලංකා පුවත් පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර්.විජේබණ්ඩාර මහතාද මෙහිදී කථා කළ අතර,පුවත් පත් කොමසාරිස් ආචාර්ය නිරෝශන් තඹවිට මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article