Sunday, May 5, 2024

යුක්තිය ඉල්ලා මාධ්‍යවේදීහු හෙට පාරට බසිති.

Must read

” ඝාතනය කළ සහ අතුරුදහන් කළ මාධ්‍යවේදීන්ගේ ජීවිතවලට යුක්තිය ඉටුකරමු.” යන මැයෙන් මාධ්‍ය නිදහස සදහා වූ ක‍්‍රියාකාරී කමිටුවේ මෙහෙයවීමෙන් සංවිධානය කරනු ලබන සැමරුම් වැඩසටහනක් හෙට දිනය පුරා කුරුණෑගලදී පැවැත්වෙයි.

මෙම සැමරුමට සමගාමීව ජනතාව දැනුම්වත් කරමින් අත්පත‍්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනක් සහ පෝස්ටර් ඇලවීමේ වැඩසටහනක්ද හෙට උදෑසන සිට කුරුණෑගල නගරය සහ ඒ අවට ප‍්‍රදේශ ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක කිරීමටද නියමිතව තිබේ. ඝාතනය කළ සහ අතුරුදහන් කළ මාධ්‍යවේදීන් සිහිපත් කරමින් පහන් දල්වා සිදුකෙරෙන සැමැරුම් වැඩසටහනක්ද හෙට පස්වරු 5ට කුරුණෑගල පේෂකර්ම වෙළද සංකීර්ණය ඉදිරිපිටදී ජනමාධ්‍යවේදීන්, වෘත්තීයවේදීන්, සිවිල් සංවිධාන නියෝජතයින් සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙම වැඩසටහන සදහා එක්වන ලෙස දිවයින පුරා විසිරී සිටින මාධ්‍යවේදී සගයින්ට මෙන්ම මාධ්‍ය නිදහස අගයන සියඵම දෙනාටද මාධ්‍ය නිදහස සදහා වූ ක‍්‍රියාකාරී කමිටුව දැඩි සහෝදරත්වයෙන් යුතුව ඇරයුම් කර සිටී.

Media FB Campaign-01

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article