Saturday, May 18, 2024

” හොරුන් දුෂිතයින් පාර්ලිමේන්තු නොයවමු.” කුරුණෑගල ජනතාව අත්සන් තබා ශපථ කරති.

Must read

නිවැරදි ජනතා නියෝජිතයෙකු තෝරාපත්කරගැනීම සදහා ඡන්දදායකයින් දැනුවත් කරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානයේ මෙහෙයවීමෙන් රට පුරා සංචාරය කරන ” සිතන්න” වැඩසටහන පසුගියදා කුරුණෑගලටද පැමිණියේය.

‘ මම පිරිසිදු ඡන්දදායකයෙකුමි. ‘ මැයෙන් අගෝස්තු 1 සිට 14 දක්වා දිවයිනේ ප්‍රධාන නගර ඇතුළු ස්ථාන 74 ක දී ඡන්දහිමියන් දැනුවත් කිරීම මෙම වැඩසටහන යටතේ සිදුකෙරේ . ඡන්දය ලබාදෙන්නේ කෙසේද? , ඡන්දය ප‍්‍රකාශ කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු, දුෂිත නොවූ පිරිසිදු අපේක්ෂකයින් තෝරා ගැනීම ඇතුළු ඡන්ද දායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහිදී ක‍්‍රියාත්මක කෙරේ. මීට අමතරව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අත්‍යවශ්‍ය හැදුනුම්පත් වර්ග පිළිබද අත්පත්‍රිකා, පෝස්ටර් මෙහි දී බෙදා දීමද මෙහිදී සිදුකෙරේ.

උතුර – දකුණ යා කරමින් සංවිධානය කර ඇති මෙම වැඩසටහන අගෝස්තු පළමුවැනිදා හම්බන්තොට නගරයෙන් හා යාපනයෙන් ආරම්භ විය. මේ වනවිට කුරුණෑගල ඇතුලු දිස්ත්‍රික්ක 13ක මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වී තිබේ. මෙම වැඩසටහන සඳහා කුරුණෑගලදී එක් වු දහස් සංඛ්‍යාත පිරිසක් මෙවර දුෂිත අපේක්ෂකයින්, නුසුදුස්සන් පාර්ලිමේන්තුවට පත්කර නොයවන බවට අත්සන් තබා සහතික වුහ.

කුරුණෑගල පැවැති ‘සිතන්න’ වැඩසටහනේ ඡායාරූප කිහිපයක් පහත දැක් වේ.cafe01 cafe02 cafe03 cafe04 cafe05 cafe06 cafe07 cafe08

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article