Monday, May 6, 2024

යූරියා භාවිතය 50% කින් අඩු කළ හැකි නව ජීවි පොහොරක්.

Must read

replacing_urea_1වී වගාව සදහා නිර්දේශිත යූරියා පොහොර ප‍්‍රමාණයෙන් සියයට පනහක් අඩුකර ගැනීම සදහා යොදාගත හැකි නව ජෛව පොහොරක් නිපදවීමට කොළඹ විශ්ව විද්‍යාලයේ ශාඛ විද්‍යා අධ්‍යයන අංශය සමත් වී තිබේ.

නිර්දේශිත යූරියා ප‍්‍රමාණය අඩු කර ඒ වෙනුවට ගොයම් ගසේ මූල මණ්ඩලයට එකතු කරන බැක්ටීරියා සහ දිලීර සංයෝජනයක් හරහා යූරියා භාවිතා කිරීමෙන් ලබාගන්නා අස්වැන්නට සමාන අස්වැන්නක් ලබා ගත හැකි බව මෙම පර්යේෂණයේදී සනාථ වී තිබේ. ජාතික පර්යේෂණ සභාවේ මූල්‍යාධාර යටතේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශාඛ විද්‍යා අධ්‍යාන අංශයේ මහාචාර්ය ශාමලා තිරිමාන්න මහත්මියගේ මගපෙන්වීම මත, කථිකාචාරිනි තිළිණි පෙරේරා මහත්මිය පශ්චාත් උපාධිය ලබාගැනීම සදහා කළ පර්යේෂණයකදී මෙම නව සොයාගැනීම සිදුකර තිබේ. බතලගොඩ වී පර්යේෂණායතනයේදී සහ අලව්ව ප‍්‍රදේශයේ කුඹුරකදී යල කන්නය ආශ‍්‍රිතව මෙහි අවසන් පර්යේෂණය සිදු කර ඇති අතර එහිදී ලැබුණු ප‍්‍රතිඵල අනුව වී වගාව සදහා යූරියා පොහොර සියයට භාවිතය පනහකින් අඩු කළ හැකි බව විද්‍යාත්මකව තහවුරු කර තිබේ.

සිය නව සොයාගැනීම පිළිබදව අදහස් දැක් වූ කථිකාචාරිනි තිළිණි පෙරේරා මහත්මිය මෙසේ කීවාය.

‘‘ යූරියා පොහොර ශාඛයක වැඩීමට අත්‍යවශ්‍ය සංඝටකයක් වුවත් යූරියා පොහොර භාවිතය නිසා අද වෙනකොට සමාජියීය, සෞඛ්‍යමය සහ ආර්ථිකමය ගැටඵ ගණනාවක් මතුවෙලා තියෙනවා. මෙම ගැටඵ යම් තරමකින් හෝ අඩුකිරීම තමයි මගේ පර්යේෂණයේ මූලික අරමුණ වුණේ. නයිට‍්‍රජන් තිරකරන බැක්ටීරියාවක් විදිහට ඒසරයිසෝබියම් බැක්ටීරියාව යොදාගෙන කරපු මේ පරීක්ෂණය අද වන විට ඉතාම සාර්ථක ප‍්‍රතිඵල පෙන්වලා තියෙනවා. මෙහිදී ඒසරයිසෝබියම් කෝලියෝනොඩාස් (Azorhizobium caulinodans) කියන බැක්ටීරියාව සහ පසෙන් ලබාගත් දිලීරයක් සංයෝග කිරීමෙන් ජෛව පටලයක් නිර්මාණය කරලා නැරින්ජින් කියන සංඝටකයක් සමග පසට එකතු කිරීම තමයි මම සිදුකළේ. එම සංයෝජනය නිර්දේශිත ප්‍රමාණයෙන් සියයට පනහක යූරියා ප‍්‍රතිශතයක් අඩු කිරීමට තරම් වී ශාඛය සමග ඉතාම සහයෝගයෙන් ක‍්‍රියාකරන බව ඒ පිළිබදව කළ නිරීක්ෂණවලින් තහවුරු වුණා . මෙම සොයාගැනීම වෙනුවෙන් පේටන්ට් අයිතිය ලබාගැනීමෙන් පසුව නුදුරේදීම එය අපේ රටේ ගොවි ජනතාව වෙත හදුන්වාදීමට බලාපොරොත්තු වෙනවා.  ’’ යැයි ඕ කීවාය.

මෙම නව ජෛව පොහොර විද්වතුන් වෙත හදුන්වාදීම බතලගොඩ වී පර්යේෂණායතනයේදී පසුගියදා සිදු වූ අතර එහිදී මෙම ජෛව පොහොර නිපදවීම සදහා යොදාගැණුනු තාක්ෂණය පිළිබදව පර්යේෂණ කණ්ඩායම විසින් පැහැදිලි කෙරිණි. ඊට එක් වී සිටි විද්වත් පිරිස බතලගොඩ වී පර්යේණගාර භූමියෙහි සිදුකර ඇති අදාළ පර්යේෂණ වී වගාව පිළිබද නිරික්ෂණ චාරිකාවකට එක්වූහ.

මෙම පර්යේෂණය සඳහා මහාචාර්ය ගාමිණි සෙනෙවිරත්න සහ මහාචාර්ය එස්. ඒ. කුලසූරිය යන මහත්වරුන්ගේ දායකත්වයද ලැබුණු බව කථිකාචාරිනී තිළිණි පෙරේරා මහත්මිය කීවාය.

නව පොහොර යොදා වගා කළ වී වගාවේ සරු අස්වැන්න replacing_urea_3 replacing_urea_2

බතලගොඩ වී පර්යේණගාර භූමියෙහි සිදුකර පර්යේෂණ වී වගාවreplacing_urea_4 replacing_urea_5
 පර්යේෂණය සිදු කළ කථිකාචාරිනී තිළිණි පෙරේරා මහත්මියreplacing_urea_6
තිළිණි පෙරේරා මහත්මිය තම  පර්යේෂණය පිළිබදව විද්වතුන් වෙත පැහැදිලි කරමින්replacing_urea_7

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article