Sunday, May 19, 2024

රට යවන්න තිබූ මිලියන ගණනක කොහුබත් ගිනි දෙවියාට බිලි !

Must read

අපනයනය කිරිම සදහා කොහු නිෂ්පාදනය කරන මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක ඊයේ (15 දා) පස්වරුවේ ඇති වූ හදිසි ගින්නකින් එම කර්මාන්ත ශාලාවේ කොටසක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇතැයි පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය කියයි.

එම කොහු කර්මාන්ත ශාලාවේ දෛනික වැඩමුරය අවසන් කළ සේවකයින් කර්මාන්ත ශාලාවෙන් පිට වී යමින් සිටියදී ඊයේ සවස 5 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.
පුත්තලම දිස්ත්‍රික් අපදා කලමනාකරණ ඒකකයේ දැනුම්දීමට අනුව එහි පැමිණි යුධ, ගුවන්, නාවික හමුදා නිලධාරීන් සහ මුන්දලම පොලිසියේ නිලධාරින් එක්ව පැය ගණනක් තිස්සේ මහත් පරිශ්‍රමයක් දරමින් ගින්න නිවාදැමීමට සමත් වූ අතර කොහු සැකසීමට යොදාගන්නා රුපියල් ලක්ෂ ගණනක් වටිනා නවීන යන්ත්‍රයක්ද ගින්නෙන් ගලවාගැනීමට සමත් වූහ.

විදේශ රටකට යැවීමේ සුදානමින් ගිනිගැනීමට ලක් වූ ගොඩනැගිල්ලෙහි ගබඩාකර තිබූ රුපියල් මිලියන ගණනක් වටිනා කොහු බත් තොගයක්ද ගින්නට හසුවීමෙන් විනාශවී ඇති බව එම කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වය කියයි.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර මුන්දලම පොලිසිය ඒ පිළිබද පරීක්ෂණ පවත්වනු ලබයි.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

coir_ fire_2 coir_ fire_4 coir_ fire_1 coir_ fire_3

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article