Monday, May 6, 2024

සිසුවියකට ‘ටොෆියක් ’දෙන්න හැදූ බියන්විල සර්ට වැඩ වැරදෙයි.

Must read

toffeඋපකාරක පන්තියක් අතරතුරදී අවුරුදු 16 ක දැරියකට ලිංගික අතවර සිදුකළ බව කියන පන්නල ගිරිඋල්ල ප්‍රදේශයේ ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු මෙන්ම රජයේ පාසලකද ගුරුවරයෙකු වන අයෙකු ලබන 23 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියම කළේය.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගතකෙරුණේ සුනිල් බියන්විල නැමැත්තෙකි.

සැකකරු ගුරුවරයා විසින් පන්නල, මාහොලොව ප‍්‍රදේශයේ උපකාරක පන්තියක් පවත්වමින් සිටින අතරතුර, පන්තියේ සිටි එක් දැරියකට ටොෆි දීමටයැයි පවසා කාමරයක්තුළට කැදවාගෙන ගොස් ඇයට ලිංගික අතවරයක් කර ඇති බවටත් බී වාර්තාවක් හරහා අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් ඉදිරිපත් කරමින් පොලිසිය පැවසීය. එමෙන්ම අදාළ ස්ථානය මෙවැනි අපරාධයක් සිදුවිය හැකි පරිසරයක් පිහිටා ඇති බව ස්ථානීය පරීක්ෂණයක් ඔස්සේ තහවුරු කරගත් බවද පොලිසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය.

පන්නල පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්‍ෂක ගුණතිලක මහතාගේ උපදෙස් මත එහි ළමා හා කාන්තා කාර්හංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් සැරයන් සංජීවනී ළමාහේවා(6019) මහත්මිය ඇතුලු නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළහ.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article