Friday, May 3, 2024

රණවිරු හේරත් සටන දිනයි !

Must read

ranawiru_ herath_appointed

වයඹ පළාත් සභාවේ නව මන්ත්‍රීවරයෙකු ලෙස එච්.එම්. ඩී.බී. හේරත් මහතා ඊයේ (05 දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් පත්වීම් ලබාගත්තේය.

ඒ ආනන්ද චන්ද්‍රලාල් මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වී පැවැති මන්ත්‍රී ධූරය වෙනුවෙනි. 2013 වයඹ පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලවලට අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධාන මනාප ලැයිස්තුවේ මීළග අපේක්ෂකයා ලෙස රණවිරු හේරත් මහතා අදාල පුරප්පාඩුව සදහා සුදුසුකම් ලබා සිටියේය. එසේ නමුත් හෙතෙම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව දේශපාලන කටයුතුවලට යෙදීම හේතුවෙන් ඔහුට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් එම මන්ත්‍රී ධූරය ලබානොදෙනු ඇති බවට පසුගිය සමයේදී ආරංචි පැතිර ගියේය. අදාල මන්ත්‍රී පුරප්පාඩුව පිරවීම සදහා මාසයකටත් වැඩි කාලයක් ගතවීම ද එවැනි ආරංචි පැතිර යාමට තවත් හේතුවක් වී තිබිණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නායකයින් ගණනාවක් හමුවෙමින් සහ අදාල මන්ත්‍රී පුරප්පාඩුව සදහා පත්වීමට තමන්ට ඇති සුදුසුකම් ඉදිරිපත් කරමින් සති කිහිපයක් තිස්සේ ගත් දැඩි වෙහෙසක ප්‍රතිඵලයක් ලෙස තමන්ට හිමි මන්ත්‍රී ධූරය සදහා පත්වීම් ලිපිය ලබාගැනීමට හේරත් මහතා ඊයේ සමත්විය.

ranawiru_ herath_appointed_1

ranawiru_ herath_appointed_2

සබැදි පුවත් 

ආනන්දගේ පුරප්පාඩුවට, රණවිරු හේරත් පළාත් සභාවට.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article