Sunday, May 5, 2024

රෝද දෙකෙන් වැඩ පෙන් වූ තුන් රෝදේ චූන් පාන් මල්ලිට 23000 ක දඩයක්.

Must read

2_wheel_3wheel

පාන් බෙදාහැරීමට ගන්නා ත‍්‍රීරෝද රථයක් (චූන් පාන් රථයක්) රෝද දෙකක් පමණක් යොදාගෙන පදවමින්, කුලියාපිටිය නගරයේ ප‍්‍රධාන මාර්ග අවහිර කිරීම ඇතුලු චෝදනා කිහිපයකට වැරදිකරු වූ ලාබාල වියේ ත්‍රිරෝද රථ රියදුරෙකුට රුපියල් 23000 ක දඩයක් ගෙවන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියම කළේය.

මෙලෙස දඩ නියම කෙරුණේ විලපොල, උඩුබද්දාව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක තරුණයෙකුටය.

සැකකරු විසින් පාන් අලෙවියට යොදාගන්නා ත‍්‍රිරෝද රථයේ නැගී, කුලියාපිටිය නගරයේ ප‍්‍රධාන මාර්ගවල සැරිසරමින් රෝද දෙකෙන් ගමන් කිරීමේ සංදර්ශනයක් පවත්වමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ. පොලිසිය එම ස්ථානයට යනවිටත් සැකකරු ත‍්‍රිරෝද රථ සංදර්ශනය පවත්වමින් සිට ඇති අතර, පොලිසිය දැකීමෙන් පසුව එම ස්ථානයෙන් පලාගොස් තිබේ. එලෙස පලායමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා කිලෝමීටර පහක පමණ දුරක් ඔහු පසුපස ලුහුබැදීමට සිදු වූ බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය. පොලිසිය විසින් ඉදිරිපත් කළ සියලු චෝදනා සම්බන්ධයෙන් සැකකරු විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව දඩ මුදල් නියම කෙරිණි.

කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍්‍රියන්ත, රථවාහන ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක නලීන් හේමපාල යන මහත්වරුන්ගේ උපදෙස් මත අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිස් සැරයන් විජේකෝන් (88608) මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී විත්තිකරු විසින් ත්‍රිරෝද රථය පදවමින්  අයුරු

2_wheel_3wheel_3

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article