Sunday, May 5, 2024

වයඹ ගුරු සමතුන් පළාත් සභාවේ ගේට්ටුව ආක‍්‍රමණය කරති ! (ඡායාරූප)

Must read


graduates_potest_0ගුරු පත්වීම් සදහා බදවාගැනීමේදී වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂමෙන් අසාධාරණයක් සිදු වී ඇති බව පවසමින් වයඹ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට දින සියයක් තිස්සේ අඛණ්ඩ උපවාසයක යෙදී සිටි වයඹ පළාතේ උපාධිධාරී ගුරු විභාග සමතුන් අද (28 දා ) දහවල් පළාත් සභා සංකීර්ණයෙහි ප‍්‍රධාන පිවිසුම් දොරටුව අවහිර කරමින් විරෝධතාවයක යෙදුණහ.

පළාත් සභාව ඉදිරිපිට තනාගත් තාවකාලික අට්ටාලයක් තුළ දින සියයක් තිස්සේ උපවාසයේ යෙදුණු මෙම පිරිස අද උදෑසන වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය සමගද ඔවුන්ගේ ගැටලුව පිළිබද සාකච්ඡාවක් පැවැත්වූහ. පැය කිහිපයක් පැවැති එම සාකච්ඡාව අසාර්ථකවීම හේතුවෙන් පළාත් සභා සංකීර්ණයේ ප‍්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිටට පැමිණි ගුරු විභාග සමතුන් පිවිසුම් දොරටුව අවහිර වන අයුරින් බංකු කිහිපයක් තබා ඒවා මත වාඩි වී විරෝධතාවය ආරම්භ කළහ.

වයඹ පළාත් සභාවේ ආරක්ෂාව සදහා යොදවා සිටින පොලිස් නිලධාරීන් විසින් පිරිස එතැනින් ඉවත්කිරීම සදහා උත්සාහ කිරීමේදී දෙපිරිස අතර උණුසුම් තත්වයක්ද ඇති විය. ගුරු විභාග සමතුන්ගේ විරෝධය හේතුවෙන් වයඹ පළාත් සභා සංකීර්ණ පරිශ‍්‍රය තුළට වාහන පිවිසීම සහ ඉන් පිටවීම සම්පූර්ණයෙන්ම අඩාල වී ගිය අතර ඒ නිසා පළාත් සභා දොරටුව ආසන්නයේ දිගු වාහන පෝලිමක්ද දැකගත හැකි විය.

මෙම විරෝධතාවය පිළිබදව අදහස් දැක් වූ වයඹ උපාධිධාරී ගුරු සමතුන්ගේ සංගමයේ කැදවුම්කරු නිශාන්ත රුවන් මහතා මෙසේ පැවසීය.
‘‘ අපි ආරම්භ කරපු උපවාසය දින සියයක් පුරා පවත්වාගෙන ගියත් අපේ ගැටඵවට නිසි විසදුමක් ලැබුනේ නැහැ. මේ නිසා වයඹ ආණ්ඩුකාරතුමිය සමග අදත් මේ පිළිබදව සාකච්ඡා කළා. නමුත් එතුමිය කියන්නේ අපේ ප‍්‍රශ්නය විසදන්න තවත් කල් ඕනෑ කියලයි. නමුත් දින සියයක් තිස්සේ විසදුමක් බලාගෙන හිටපු තවදුරටත් බලාගෙන ඉන්න පුලුවන්කමක් නැහැ. ඒ නිසයි පළාත් සභාවේ බලධාරින්ගේ ඇස් ඇරෙන විදිහේ විරෝධතාවයක් ආරම්භ කරන්න අපි තීරණය කළේ. වයඹ පළාතට ගුරුවරුන් බදවාගැනීම සදහා ඉදිරි දින කිහිපයේදී අලුත් ගැසට් එක්ක නිකුත් කරන්න සූදානම් වෙනවා කියලත් මේ වෙනකොට අපිට දැනගන්න ලැබිලා තියෙනවා. නමුත් පළාත් සභාව විසින්ම පවත්වපු තරග විභාගයකින් වැඩි ලකුණු ගත්තු මේ පිරිස අසාධාරණයට ලක්වෙලා තියෙද්දී ගුරුවරුන් බදවාගන්න කියලා ආයෙම ගැසට් නිකුත් කරන්න පළාත් සභාව සැරසෙනවා නම් ඒක කරන්න වෙන්නේ අපේ මළමිනී උඩින් තමයි කියන එකත් අපි පැහැදිලිවම කියනවා. ’’ යැයි පැවසීය.

විරෝධතාවය අතරතුරදී විරෝධතාකරුවන්ගේ නියෝජිතයින් කිහිපදෙනෙකුට සාකච්ඡාවක් සදහා නැවත වතාවක් ආණ්ඩුකාර කාර්යාලයෙන් ඇරයුම් ලැබුණු අතර එම සාකච්ඡාවේදී අදාළ ගැටලුව විසදීම සදහා ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මියගෙන් ලැබුණු සහතිකය මත විරෝධතාවය අවසන් කිරීමට ගුරු සමතුන් තීරණය කළහ. ඒ අනුව පැය පහකට ආසන්න කාලයක් පළාත් සභා දොරටුව අවහිර කරගෙන සිටි ගුරු සමතුන් එම ස්ථානයෙන් ඉවත්වීමත් සමග පළාත් සභා පරිශ්‍රයේ යාම් ඊම් කටයුතු යථා තත්වයට පත් විය.graduates_potest_11 graduates_potest_14 graduates_potest_7 graduates_potest_5 graduates_potest_9 graduates_potest_8 graduates_potest_3 graduates_potest_13 graduates_potest_10graduates_potest_4 graduates_potest_1
graduates_potest_2 graduates_potest_19 graduates_potest_15 graduates_potest_16 graduates_potest_17 graduates_potest_18

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article