Tuesday, May 7, 2024

2017 දී කුරුණෑගලට අලුත් පාසල් දෙකක්.

Must read

ranil_wicramasinghe_1ලබන වසරේදී කුරුණෑගල නගරය ආශ්‍රිතව ජාතික පාසල් දෙකක් අලුතින් ආරම්භ කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (27) කුරුණෑගලදී පැවසීය.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ කුරුණෑගල මාළිගාපිටියේදී පැවැති සවිය ස්වයං රැකියා ණය යෝජනා ක‍්‍රමයේ සමාරම්භක උත්සවයට සහභාගිවෙමිනි.

කුරුණෑගල දිස්ත්‍රික්කය ලබමින් සිටින සංවර්ධනය තුළ දැනට පවතින පාසල් ප්‍රමාණවත් නොවීම නිසා මෙම නව ජාතික පාසල් දෙක ආරම්භ කෙරෙන බවත් , එය පසුගිය මැතිවරණයේදී තමන් කුරුණෑගල ජනතාවට ලබාදුන් පොරොන්දුවක් ඉටු කිරීමක් වන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අදාළ පාසල් දෙක සදහා අවශ්‍ය කරන ඉඩම් මේ වන විට වෙන්කර ගෙන ඇති බැවින් 2017 වසරේදී ඒවායේ ඉදිකිරීම් ආරම්භ කරන ලෙසට තමන් අධ්‍යාපන අමාත්‍යවරයාට සහ වයඹ සංවර්ධන අමාත්‍යවරයාට උපදෙස් ලබාදුන් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

වැඩිදෙනෙක් විමසමින් සිටින කුලියාපිටිය වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව  මෙන්ම තවත් කර්මාන්ත ශාලාවක්ද ලබන වසරේදී ආරම්භ කරන බවද අගමැතිවරයා මෙහිදී කීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article