Friday, May 3, 2024

වර්ජකයින්ගේ තර්ජන මැද කුරුණෑගල තැපැල් කන්තෝරුවට පොලිස් ආරක්ෂාව.

Must read

post_office_strike

වැඩ වර්ජනයට එක්නොවී, දෛනික රාජකාරි සදහා වාර්තා කළ කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයින් පිරිසකට, වර්ජනයේ නියුතු සේවක පිරිසක් විසින් තර්ජනය කිරීම හේතුවෙන් එම කාර්යාලයට පොලිස් ආරක්ෂාව ලබාදීමට අද  (19 දා) සිදුවිය.

තැපැල්පතිවරයාගේ නියෝගය පරිදි වැඩ වර්ජනය අතහැර සුපුරුදු රාජකාරිවල යෙදීම සදහා තැපැල් සේවකයින් කිහිපදෙනෙකු අද උදෑසන කුරුණෑගල තැපැල් කාර්යාලයට පැමිණ තිබිණි. එසේ නමුත් වර්ජනයේ යෙදී සිටි සේවක පිරිසක් විසින් සේවයට වාර්තා කළ සේවකයින්ට බැණ තර්ජනය කිරීම නිසා ඔවුහු කාර්යාල පරිශ්‍රයෙන් පිටත රැදී සිටියහ. මේ හේතුවෙන් කුරුණෑගල තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති ජී. ජී. එච්. එම්. බණ්ඩාර මහතා විසින් කුරුණෑගල මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබිණි.

ඒ අනුව කුරුණෑගල තැපැල් කාර්යාලය වෙත පැමිණි කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ඩී. එම්. සී. දිසානායක මහතා විසින් වර්ජනයේ නියුතු සේවකයින් අමතා සේවයට වාර්තා කරන තැපැල් සේවකයින්ට බාධා නොකරන ලෙසටත්, එවැනි බාධාවක් සිදුකළහොත් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවටත් අවවාද කර සිටියේය. කුරුණෑගල තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයාගේ ඉල්ලීමට අනුව එහි ආරක්ෂාව පිණිස පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු එම ස්ථානයේ රැදවීමට පොලිස් පරීක්ෂවරයා කටයුතු කළේය. එසේ නමුත් අද දහවල් කාලයේදීත් කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුනොවූ අතර එහි පිවිසුම් දොරටු පවා වසා දමා තිබූ අයුරු දැකගත හැකිවිය.

post_office_strike_1

post_office_strike_2

post_office_strike_3

post_office_strike_4

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article