Sunday, May 19, 2024

ව්‍යාජ බලපත්‍රයකින් බොරළු ජාවාරමේ යෙදුන පුද්ගලයෙකු නීතියේ රැහැනට

Must read

වැලිකුරුණෑගල – වාරියපොළ ,බමුණුකොටුව ප්‍රදේශයේදී  නීති විරෝධීව සකසාගත් බලපත්‍රයක් ආධාරයෙන්  සිදුකරමින් තිබූ    බොරළු ඡාවාරමක් සම්බන්ධ  වැටලීමක් පසුගිය 20 වනදා  භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශය විසින්  සිදුකරන ලදි. ජනාධිපතිවරයා යටතේ සිදුවෙමින් පවතින දිවයිනේ මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් සදහා වැලි,බොරළු සැපයීමේ බලපත්‍ර , දූෂිත ආකාරයට  විශේෂ පෑනක් පාවිච්චි කරමින් නැවත පිටපත් කරමින් මෙම ඡාවාරම දිවයින පුරා සිදුකෙරෙන බවට තොරතුරු වාර්තා වේ. කුරුණෑගල අලව්ව ප්‍රදේශයෙන් කපන  මෙම බොරළු   පුද්ගලික ස්ථානවලට ප්‍රවාහනය කිරීමේ ඡාවාරමක් බහුලව සිදුවෙමින් පවතින බවට ඇති  තොරතුරු අනුව බමුණුකොටුව ප්‍රදේශයේ  පුද්ගලික නිවසකට අළෙවිකිරිම සඳහා පටවාගෙන ආ මෙම බොරළු තොගය සහ ටිපර් රථය භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ වැටලීම් නිලධාරීන් විසින් පරීක්ෂා කරන ලදි. එහිදී එම පුද්ගලයා සතුව තිබූ බලපත්‍රය නිලධාරීන් විසින් තාක්ෂණිකව පරීක්ෂා කරන අවස්ථාවේ එම බලපත්‍රය මකමින් නැවත නැවත ලියන ලද ලියවිල්ලක් බව ඔප්පු කරන ලදී. මෙහිදී මෙම බොරළු රථය හා පුද්ගලයා සම්බන්ධයෙන් වීරම්බු ගෙදර පොලිස් ස්ථානයට දැනුම් දීමට  වැටලීම සිදුකළ නිළධාරී කටයුතු කර තිබේ.

මේ ආකාරයට මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට මුවාවී පොලීසියේ ඇසට ද වැලි ගසමින් මෙම බොරළු ඡාවාරම  දිවයිනේ බෙහෝ ප්‍රදේශ වල සිදුවෙමින් පවතින බව වාර්තා වේ. අලව්ව ප්‍රදේශයේ සිදුකළ මෙම වැටලීමට ක්ෂේත්‍ර සහකාර එච්.එම්.එස්.එම් ජයසිරි සහ ක්ෂේත්‍ර නිලධාරී ඩබ්.පී.එන්.බී.ශිල්ප රත්න යන මහත්වරුන් විසින් සිදුකරන ලදී.

මේ වනවිට මෙවැනි නීති විරෝධී ආකාරයට බොරළු,පස් හා වැලි ඡාවාරම් සිදුවෙමින් පවතින ත්‍රිකුණාමලේ ,කුරුණෑගල,පුත්තලම,හලාවත ප්‍රදේශ වල වැටලීම් ආරම්භ කර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් වාර්තා වේ. මෙම වැටලීම භූ විද්‍යා සමීක්ෂණ  හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පපොල මහතාගේ  මෙහයවීම යටතේ වැටලීම් කන්ඩායම විසින් දිවයින පුරා දිගින් දිගටම මෙම වැටලීම් සිදු කෙරේ.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article