Thursday, May 2, 2024

වැඩි ලාබේ පොලිසියෙන් කෙළවර වෙයි.

Must read

දිගු කලක් තිස්සේ මාවතගම ඇතුඵ ප‍්‍රදේශ ගණනාවකට මත්කුඩු බෙදාහැරීමේ යෙදී සිටි බව කියන ප‍්‍රධානපෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු මාවතගම, මාස්වැව ප‍්‍රදේශයේදී කුරුණෑගල කොට්ඨාශ විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීහු විසින්  අත්අඩංගුවට ගත්හ.

සැකකරු සමග ඔහු සන්තකයේ තිබූ හෙරොයින් මිලිග‍්‍රෑම් 610 ක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මාවතගම , මාස්වැව ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකු බව කියන 43 හැවිරිදි මෙම සැකකරු මීට පෙර අවස්ථා තුනක දී ගංජා බෙදාහැරීම සම්බන්ධයෙන් වරදකරු වී අධිකරණයෙන් දඩුවම් ලැබූ අයෙකු බවද පොලීසිය කියයි.

පසුව මෙම සැකකරු ගංජා වෙළදාම අත හැර මත්කුඩු ජාවාරමට සම්බන්ධ වී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වි තිබේ.

කුරුණෑගල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න හා සහකාර පොලිස් අධිකාරී ඕ. ඩබ්ලිව්. සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත, කුරුණෑගල වැහැර කොට්ඨාශ විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක අජිත් ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් බණ්ඩාර (58677) , පොලිස් කොස්තාපල් ජයතිලක (32132) , රත්නායක (42437) , ජයපද්ම (69385) ප‍්‍රධානගේ (84554) , පොලිස් සැරයන් රියදුරු සේනාධීර (49248) යන නිලධාරීහු මෙම වැටලීම සිදු කලහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article