Friday, May 17, 2024

මහින්ද ඝාතන සැලැස්මක් ගැන සාලින්දලාට සැකලු !

Must read

කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය තුළ ගිනි අවියකින් සන්නද්ධ වී ගැවසෙමින් සිටි බව පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සදහා සැලැස්මක් ඇතැයි සැක මතුවන බව කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක සාලින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ රාත‍්‍රියේ කුරුණෑගල හෝටලයකදී පැවැති මාධ්‍ය හමුවකදිය. ඊ‍යේ පස්වරුවේ කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය තුළ ගැවසෙමින් සිටි බව කියන සැකකටයුතු පුද්ගලයෙකු සන්ධාන ආධාරකරුවන් විසින් අල්ලා පොලිසියට භාරදුන් බවට වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කිරීමට සදහා මෙම මාධ්‍ය හමුවට කැදවා තිබිණි.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ සාලින්ද දිසානායක මහතා මෙසේද කීය.

” පිස්තෝලයකුත් හංගාගෙන කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයේ දින කිහිපයක් නැවතිලා හිටපු සැකකටයුතු පුද්ගලයෙක් අල්ලලා පොලිසියට භාරදෙන්න අද අපි කටයුතු කළා. මේ පුද්ගලයා මගේ ගෙදර රාජකාරී කරන පොලිසියේ රාළහාමි කෙනෙක් හරහා මාත් එක්ක දේශපාලනය කරන්න ඕනෑ කියලා පහුගිය දිනවලදී අපට සම්බන්ධ වෙලා තියෙනවා. පසුව මේ පුද්ගලයා මගේ දැන හැදුනුම්කම් තියෙන බව කියාගෙන කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයට ගිහිල්ලා එහේ දවස් කිහිපයක් නැවතිලා ඉදලත් තියෙනවා. කාර්යාලේ අතුගාලා තියෙනවා. එහෙම මේ ස්ථානය සමග සම්බන්ධවෙලා විශේෂයෙන්ම එල් ටී ටී ඊ ස්ටයිල් එකට තොරතුරු බලමින්, ඒ තොරතුරු පිටතට ලබාදෙමින් කටයුතු කරපු බව අපිට මේ වෙනකොට වටහාගන්න පුඵවන් වෙලා තියෙනවා. අද දිනයේ මෙම ස්ථානයට මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එන්න නියමිත වෙලා තිබුණා. එහෙම තියෙද්දී මේ පුද්ගලයා ළග පිස්තෝලයක් තියෙනවා කියලා අපේ ආධාරකරුවන් දැකලා තියෙනවා. ඒ නිසා ඔයා කවුද කියලා අපේ අය අහපු වෙලාවේ මේ පුද්ගලයා වැටකින් පැනලා , පයිප්ප කඩාගෙන දුවද්දී ඒ අවට ප‍්‍රදේශයේ අය එකතුවෙලා ඔහුව අල්ලාගෙන තියෙනවා. මේ යහපාලන ආණ්ඩුවෙන් අපට ආරක්ෂාව දෙනවා කියලා මේ වගේ සැකකටයුතු පුද්ගලයෙක් මේ ස්ථානයට සම්බන්ධ කරලා තියෙනවා. එයා සී අයී ඞී නම් , විශේෂ ආරක්ෂාවක යොදවලා ඉන්න කෙනෙක් නම් එයාට තිබුණා අපිත් එක්ක කතාකරලා ඒක කියන්න. රහසිගත පුද්ගලයෙක් විදිහට , පිස්තෝලයකුත් තියාගෙන රැදී සිටීම ගැන අපිට සැකයි. මොකද පසුගියදා පාතාල කල්ලි අතර ඇතිවෙච්ච සිද්ධියක් මුල්කරගෙන රවී කරුණානායක කියලා තියෙනවා අපේ වේදිකාවලත් වෙඩි පත්තු වෙනවා කියලා . මේ පුද්ගලයාගේ හැසිරීම දිහා බලද්දී මහින්ද රාජපක්ෂ එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සදහා යහපාලනයෙන් කරපු සැලැස්මක්ද කියලා විශාල සැකයක් මතුවෙලා තියෙනවා. ”

මෙම මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජානක ප‍්‍රියන්ත බණ්ඩාර මහතා සහ අදාළ සැකකටයුතු පුද්ගලයා සාලින්ද දිසානායක මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීයා වෙත හදුන්වා දුන් බව කියන අයෙකුද මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියහ.

03 copy [Max Width 2400 Max Height 1800] 002 copy [Max Width 2400 Max Height 1800] 01 copy [Max Width 2400 Max Height 1800]

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article