Sunday, May 5, 2024

විදුලි සැර වද්දවා සද්දන්තයෙකු මරලා !

Must read

kattamberiya_elephant_1විදුලි සැර වැද්දවීමෙන් ඝාතනය කළ බව කියන වල් අලියෙකුගේ මළ සිරුරක් පොල්පිතිගම, හක්වටුනාව ජලාශයේ කට්ටම්බේරිය යාය ප‍්‍රදේශයේ වැව් තාවුල්ලේ වැටී තිබියදී ප‍්‍රදේශවාසීන් විසින් ඊයේ  (31 දා) සොයාගත්හ.

හොදින් වැඩුණු සිරුරින් යුත් , වයස අවුරුදු 35 ක් පමණ වෙතැයි සැලකෙන මෙම අලියා දිය බීමට හක්වටුවානාව ජලාශයට එමින් සිටියදී වැව් තාවුල්ලේ අටවා තිබූ විදුලි රැහැනක ගැටී මරණයට පත්ව ඇති බවට පොලිසිය සැකකරයි. වල් අලියාගේ මරණය සම්බන්ධයෙන් ඒ ආසන්නයේ පදිංචි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර , දිය බීමට එන වන සතුන් දඩයම් කිරීම සදහා සැකකරු විසින් ඔහුගේ නිවසින් ලබා ගන්නා විදුලිය යොදා වැව් තාවුල්ල පුරා කම්බි ඇද ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. විදුලි කම්බි යොදා සතුන් දඩයම් කිරීම සැකකරු විසින් කලක් තිස්සේ කරගෙන ගොස් ඇති බවත්, මීට කලෙකට පෙර එලෙස යොදා තිබූ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පවරා ඇති නඩුවක්ද මේ වනවිටත් අධිකරණය හමුවේ විභාගවෙමින් පවතින බවද පොලිසිය කියයි.

පොල්පිතිගම පොලිසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වල් අලියාගේ මළ සිරුර වැව් තාවුල්ලේ වැටී තිබූ අයුරු.kattamberiya_elephant_2 kattamberiya_elephant_3 kattamberiya_elephant_4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article