spot_img
Saturday, March 7, 2026
spot_img

විමල් වීරවංශට එරෙහි දූෂණ නඩුව යළි කැඳවේ

Must read

imagesඅමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලලස් කොමිසම විසින් ගොනුකර  තිබෙන නඩුව නොවැම්බර් මස 26 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (08) නියම කර ඇත.
2010 වසරේ ජනවාරි මස 01 වන දා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා කාල සීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75ක ට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත්  රජය සමයේ අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ අද (08)  කැඳවනු ලැබීය.
දෙපාර්ශවයේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත මෙම නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 26 වන දා ආරම්භ කිරීමට මහාධිකරණ විනිසුරුවරයා දින නියම කළේය.
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article