Thursday, May 2, 2024

හිටපු අමාත්‍ය අශෝක වඩිගමංගාව මහතාට අවසන් ගෞරව

Must read

01(6)02(9) 07(1)
හිටපු  අමාත්‍යවරයෙකු සහ ප්‍රකට දේශපාලනඥයෙකු වූ අශෝක වඩිගමංගාව  මහතාගේ අවසන් කටයුතු  පසුගිය 08 වැනිදා සවස සිදු කරන ලදි.අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද,කතෝලික,හින්දු, සහ මුස්ලිම් පුජක  තුමන්ලාද සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස,නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම,හිටපු අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙ අවස්ථාවට එක්ව සිටියේය.

කථානායක කරූ ජයසූරිය මහතා අවමංගල සභාව ආරම්භයට පෙර පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වීම සිදු කරන ලදි.

පසුගිය 05 වැනිදා වාරියපොල – පාදෙනිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අශෝක වඩිගමංගව මහතා අභාවප්‍රාප්ත විය.මිය යන විට ඒ මහතා 68 වැනි වියේ පසු විය.

අවංගල සභාව ඇමතූ සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.“ තමන්ගේ නිවස සාදා ගත්තොත් හොදයි නේද යැයි තම පියා විමසූ විට මට ගේ පස්සේ හදා ගන්න පුළුවන්.ආණමඩුවට ගම් උදාවක් දෙන්න යැයි අශෝක වඩිගමංගාව මහතා එදා ඉල්ලා තිබෙනවා.එමෙන්ම සමගි ජන බලවේගය පක්ෂය නිර්මාණය කරන විට මිළ මුදල් හෝ කිසිවක් නොඉල්ලා ආණමඩුවට සංවර්ධන යෝජනා ක්‍රමයක් ලබා දෙන මගෙන් ඉල්ලා සිටියෙත් අශෝක වඩිගමංගාව මහත්තයා.ඒ අනුව පෙනී යන්නේ අශෝක වඩිගමංගාව සෑම විටකම ජනතාව වෙනුවෙන් කැපවී සිටි කෙනෙක්.එතුමාගේ ජීවිතයේ තිබූ වැදගත්ම දේ වන්නේ කොමිස් හෝ වෙනත් කිසිදු වර දානයක් නොමැතිව කටයුතු කළ දේශපාලකයෙකු ලෙස කටයුතු කිරීමයි.″

ආගමික වතාවත් සහ අවමංගල සභාවෙන් අනතුරුව දේහය ආණමඩුව ගම් උදාව භූමියේ පිහිටි කාවන්තිස්ස මහා සෑය අභියස දී ආදාහනය කරන ලදි.

මෙම අවස්ථාවට විශාල පිරිසක්එක්ව සිටියේය.


 

ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article