Friday, May 3, 2024

වෙසක් දවසේ ගෙයක් සුද්ද කර ලක්ෂ එකොළහකට විද්ද ලෝක හොරෙක් මාට්ටු.

Must read

වෙසක් පුන් පොහොය යෙදුණු පසුගිය 21 වැනිදා රාත‍්‍රියේදී පන්නල, ගෝනුල්ල ප‍්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඇතුලු වී එහි තිබූ රුපියල් ලක්‍ෂ හයක මුදලක්, රුපියල් ලක්‍ෂ 4 ක් වටිනා රන් භාණ්ඩ සහ රුපියල් එක්ලක්‍ෂ පනස් දහසක් වටිනා දුරකථන පෙරගෙවුම් කාඩ්පත් ඇතුලූව රුපියල් ලක්ෂ එකොළහකට වැඩි වටිනාකමකින් යුත් මුදල් සහ භාණ්ඩ තොගයක් සොරාගත් බව කියන අයෙකු කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (02 දා ) අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ මල්ලැහැව, මීරිගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම නිවසේ නිවැසියන් වෙසක් පොහොය නිමිත්තෙන් පන්සල් ගොස් සිටි අවස්ථාවේදී නිවසේ පිටුපස ජනේලයක් බිද, ග‍්‍රීල් කූරු නවා සැකකරු නිවසට ඇතුලු වී ඇති බව මූලික පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ. මෙම සැකකරු සොරකමේ කොතරම් දක්ෂයෙක්ද යත් නිවසේ ස්ථාන කිහිපයක සගවා තිබූ මුදල්, රන් භාණ්ඩ සහ පෙර ගෙවුම් කාඩ්පත් තොගය සොයාගෙන ඒවා සොරකම් කරගෙන පලායාමට සැකකරුට ගත වී ඇත්තේ පැයකටත් අඩු කාලයක් පමණක් බවද පොලිසිය කියයි.

සැකකරුගෙන් කළ ප‍්‍රශ්නකිරීම්වලදී හෙළි වූ තොරතුරුවලට අනුව ඔහු විසින් සොරාගත් රුපියල් ලක්‍ෂ හයක මුදල සහ රන් භාණ්ඩවලින් කොටසක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඉතිරි රන් භාණ්ඩ සැකකරු විසින් අලෙවිකර ඇති අතර , ඒවා මිලදීගත් අය විසින් උණුකර තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. සොරාගත් පෙරගෙවුම් කාඩ්පත් තොගය වැවකට විසිකළ බවට සැකකරු විසින් පාපොච්චාරණය කළ බවද පොලිසිය කියයි.

කුලියාපිටිය කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටිය, සහකාර පොලිස් අධිකාරී නිමල් බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කමල් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක වික‍්‍රමනායක, පොලිස් සැරයන් පියරත්න (20626 ) , සිසිර කුමාර (22503), සෙනවිරත්න (33604), කාන්තා පොලිස් සැරයන් කස්තුරි (4133), පොලිස් කොස්තාපල් ෆ‍්‍රැන්සිස් (7015) , කරුණාරත්න (32644 ), විජේසේකර (35826 ), චම්ල (37575 ), ආනන්ද (49077 ) , මහින්ද (53310 ), ප‍්‍රියදර්ශන (53311) , රණසිංහ (57893 ) සහ පොලිස් කොස්තාපල් රියදුරු අනුර (2007 ) යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහwesak_robbery_2 wesak_robbery_1

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article