spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

ශිෂ්‍යත්ව විභාග නියෝග කඩකලැයි අධ්‍යාපන අධ්‍යක්ෂකට වසර 06ක සිර දඩුවම්

Must read

2024 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 6ක සිරදඬුවම් නියම කර තිබේ.

ඊට අමතරව රුපියල් මිලියන 3ක දඩයක් නියම කළ විනිසුරු මඬුල්ල, එම දඩ මුදල ගෙවීම පැහැරහැරිය හොත් අමතරව වසරක සිර දඬුවම් නියම කරන බව නඩු තීන්දුවේ දැක්වේ.

5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු කළ බව චෝදනා කරමින් වගඋත්තරකාර ප්‍රේමතිලක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කර තිබිණි. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදි.

උපුටා ගැනීම – දිණමින

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article