අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක පවුල් 7206 ක පුද්ගලයින් 27,222කු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් ඉන්දික සිල්වා මහතා පවසයි. ලෙස පීඩාවට පත්ව ඇත්තේ පුත්තලම, වනාතවිල්ලූව,ආනමඩුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වසම් විසි දෙකක අයවලුන්ය.
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක පුද්ගලයින් 52 දෙදෙනෙකු මේ වනවිට රඳවා සිටිති. එම අය විසුද්ධාරාම විහාරස්ථානයේ පවුල් 14ක පුද්ගලයින් 47 දෙනෙකු හා හින්දු කෝවිලෙහි ( පූ/ දකුණ ) පවුල් 02ක පුද්ගලයින් 5 දෙනෙකු ලෙස තාවකාලිකව රඳවා ඇත. මොවුන් සඳහා පිසූ ආහාර ලබාදීමේ කටයුතු ආපදා සහන සේවා නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් විසින් සිදු කරනු ලබයි. පුත්තලම රෝහල, පොලිස් ස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කාලගුණ විද්‍යා කාර්යාලය, ජ්‍යෙෂ්ඨ පොලිස්පති කාර්යාලය හා රජයේ නිල නිවාස ජලයෙන් යට වී ඇත.
හින්දු විද්‍යාලය, ෆාතිමා, සහීරා, ඇන්ඩෘ ආනන්ද යන විද්‍යාල ජලගැලීම් වලට ලක්ව තිබේ.
එමෙන්ම දුම්රිය මාර්ගය,පුත්තලම – අනුරාධපුර, කුරුණෑගල,හලාවත යන මහා මාර්ගයන්හි ඇතැම් ස්ථාන ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා සිදුව ඇති බව දිස්ත්‍රික් ලේකම් ඉන්දික සිල්වා මහතා වැඩිදුරටත් පැවසන ලදී.







