දෙස් විදෙස් සංචාරකයින්ට මහවැව වැව තුළ බෝට්ටු සවාරි යාමේ පහසුකම් ලබා දීමේ වැඩ සටහනක් ඉකුත් 05 වැනිදා සවස ආරම්භ කරන ලදි. පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජානක,නාත්තන්ඩිය ප්‍රදේශීය සභා සභාපති සාගර විජේසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය. මෙම වැඩසටහන නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව,මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මහවැව නිෂ්පාදන සමිතිය එක්ව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන ලදී.
තනියවල්ලභ රජු විසින් කරවන ලද බව කියන මහවැව වැව හලාවත – කොළඹ මාර්ගයට යාබදව පිහිටා ඇති අක්කර 169 ක වපසරියකින් යුක්ත වන වැවිකි.
අතීතයේදී ජපන් ජබර ඇතුළු ජලජ ශාඛ වලින් පිරී ගොස් තිබූ මහවැව වැව ප්‍රදේශවාසීන් විසින් පසුගිය කාලයේදී සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීම සිදු කරන ලදි.අනතුරුව වැව පාදක කරගෙන සංචාරක වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කර ඇත.
එම වැඩ සටහනට අනුව වැව පාදක කර ගෙන බෝට්ටු සවාරි ආරම්භ කිරීමට කටයුතු සිදු කරන ලදි. කණ්ඩායම් වශයෙන්ම මෙන්ම තනි තනිවද මෙම වැව තුළ බෝට්ටු සවාරි යෙදීමේ හැකියාව තිබීම විශේෂත්යකි.
නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සෘජු පාලනය සහ අධීක්ෂණය යටතේ සිදු වන මෙම බෝට්ටු සවාරි ව්‍යාපෘතිය ඉදිරියේදී විදේශීය සංචාරකයින් දක්වාද ව්‍යාප්ත කිරීමට අදහස් කර ඇති බව සංවිධායකයින් සදහන් කරයි. නව සංචාරක බෝට්ටු සේවය ආරම්භ කිරීම සනිටුහන් කරමින් ප්‍රදේශයේ ධීවරයින් අතර තෙප්පම් පැදීමේ තරගයක්ද සංවිධානය කර තිබුණි.









