Thursday, May 2, 2024

සැමියා බිරිදගේ මරුවා වෙයි.

Must read

සැමියා විසින් ගෙල කපා ඝාතනය ‍කෙරුණු 20 හැවිරිදි කාන්තාවකගේ සිරුරක් සොයාගත් බව පන්නල පොලිසිය කියයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ පන්නල, හියවල පදිංචිව සිටි 20 හැවිරිදි දිලානි මංගලිකා නැමති එක්දරු මවකි.

තම සැමියාගෙන් නිරන්තරයෙන් සිදු වන හිරිහැර හේතුවෙන් නොහැකිව අවට පිහිටි ඥාති නිවෙස්වල රැය පහන් කිරීමට පුරුදු වී සිටි ඇති මෙම කාන්තාව ඊයේ දිනයේදීත් එලෙස පිටස්තර නිවසක රැය පහන්කර අද උදෑසන නිවසට පැමිණි අවස්ථාවේදී ඇගේ සැමියා අතින් ඝාතනයට ලක් වී තිබේ. මෙම කාන්තාව වයස අවුරුදු 15 දී පමණ මෙම පුද්ගලයා අතින් දූෂණයට ලක්වීම නිසා ඇයට දරුවෙකු ලැබී ඇති බවත් හා පසුව නිසි වයස සම්පූර්ණ වීමෙන් පසු ඇය සමග පවුල් ජීවිතයක් ගෙවා ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ඝාතනය සිදු වූ ස්ථානයට අද දහවල් පැමිණි කුලියාපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත් ජෙනී අමරසිංහ මහත්මිය මූලික මරණ පරීක්‍ෂණය හා ස්ථානීය පරීක්‍ෂාව සිදුකරමින් දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණය සදහා කුලියාපිටිය මූලික රෝහල වෙත යවන ලෙසට නියම කළාය.

40 හැවිරිදි සැකකාර සැමියා ප්‍ර‍දේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පන්නල පොලිසිය විසින් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

කුලියාපිටිය – දිනේෂ් උපේන්ද්‍ර

Pannala_04 Pannala_03 Pannala_01jpg Pannala_02

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article