Friday, May 17, 2024

හදිසි විදුලි බිදවැටීමකින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ කටයුතු අඩාලයි !

Must read

623424-breaking-newsරෝහල් පරිශ්‍රය තුළ ඇති වූ හදිසි විදුලිය බිදවැටීමක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දෛනික කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබේ.

අද පස්වරු 4.30 ට පමණ සිදු වී ඇති මෙම විදුලිය බිදවැටීම මේ වන විටත් යථා තත්වයට පත් වී නොමැති අතර ඒ හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සියලුම වාට්ටු සහ ඒකක මේ වන විට දැඩි අදුරක ගිලී පවතී. රෝහලේ විදුලි ජනක යන්ත්‍ර පද්ධතියද අක්‍රිය වී ඇති අතර රෝහල් නඩත්තු සේවකයින් විසින් එම යන්ත්‍ර පණගැන්වීමේ මහත් පරිශ්‍රමයක යෙදී සිටිති.

මෙය රෝහල් පරිශ්‍රය තුළ පමණක් සිදු වූ විදුලිය බිදවැටීමක් වන අතර රෝහල අවට නිවාස සහ ව්‍යපාරික ස්ථානයන්වල විදුලිය බිදවැටීමක් සිදු වී නොමැත.

රෝහලේ දෛනික කටයුතු අඩාලවීම හේතුවෙන් එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීහු විශාල පිරිසක් වෙනත් රෝහල්වලට මාරුකර යැවීමට රෝහල් බලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටිති.

කෙසේවෙතත් කුඩා ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍ර කිහිපයක් යොදාගනිමින් දැඩි සත්කාර ඒකකය සහ හෘද රෝග ඒකකය ඇතුලු අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කදන්ගමුව මහතා වයඹ ටුඩේ කළ විමසීමකදී පැවසීය.

ඉටිපන්දම් එළි ආධාරයෙන් ඇතැම් වාට්ටුවල රෝගී ප්‍රතිකාර කටයුතු සිදුකෙරෙන අයුරු දැක ගත හැකි විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article