Friday, May 3, 2024

සීමා පනවා ඇති ප්‍රදේශ වල සිටින පුද්ගලයින්ගේ ගමන් බිමන් ගැන සෝදිසියෙන් සිටින්න

Must read

උපුල් රෝහන - සභාපති  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය.  සභාපති ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය.
උපුල් රෝහන –
සභාපති
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය.
සභාපති
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය.

සංචරන සීමා පනවා ඇති ප්‍රදේශ වල පදිංචිකරුවන් කිසියම් හේතුවක් නිසා තමන් පදිංචි ප්‍රදේශයට පැමිණ ඇත්නම් වහාම ඒ බව සෞඛ්‍ය නිලධාරීන්ට දැණුම් දීමට කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේද පැවසීය.

දිවයිනේ ප්‍රදේශ කීපයක මේ වන විට සංචරන සීමා පනවා තිබෙනවා.අපට දැන ගැනීමට ලැබී තිබෙනවා එසේ සංචරන සීමා පනවා ඇති ප්‍රදේශ වල පදිංචිවී සිටි ඇතැම් අය දිවයිනේ වෙනත් ප්‍රදේශ වලට හොර රහසේ ගොස් ඇති බව.යම් ප්‍රදේශයකට සංචරන සීමා පවනන්නේ හේතුවක් ඇතිව.ඒ නිසා සංචරන සීමා පනවා ඇති ප්‍රදේශ වල පදිංචිවී සිටින අයට වෙනත් ප්‍රදේශවලට ගමන් කිරීමට හැකියාවක් නැහැ.යම් අයෙකු එසේ කරන්නේ නම් එය දඩුවම් ලැබිය යුතු වරදක් වනවා.

ඒ අනුව දැනට සංචරන සීමා පනවා ඇති ප්‍රදේශ වල පදිංචි වී සිටි කව්රුන් හෝ තමන් පදිංචි ප්‍රදේශයට පැමිණ ඇත්නම් වහාම ඒ බව සෞඛ්‍ය නිලධාරීන්ට දැණුම් දෙන ලෙස අපි ඉල්ලීමක්  කරනවා. යම් අයෙකු එසේ පැමිණ ඇත්නම් සහ පැමිණි අයෙකුට නවාතැන් දුන් අයෙකු වන්නේ නම් ඔවුන්ට එරෙහිව නීරෝධායන පනත යටතේ නඩු පැවරීමට අපි පසුබට වන්නේ නැති බවත් කියන්න කැමතියි.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article