Friday, May 17, 2024

හලාවත – කුරුණෑගල පුද්ගලික බස් වර්ජනයක.

Must read

bus-strikeකොන්දොස්තරවරයෙකුට පහරදී තුවාල සිදු කළ පිරිසකට එරෙහිව නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවූ බව පවසමින් හලාවත – කුරුණෑගල පුද්ගලික බස් රථ සේවකයින් විසින් මීට ටික වේලාවකට පෙර වැඩ වර්ජනයක් ආරම්භ කළහ.

ඒ අනුව හලාවත – කුරුණෑගල අතර ධාවනය කෙරෙන පුද්ගලික බස් රථ 46 ක් මේ වන විට ධාවනයෙන් ඉවත්කරගැනීම හේතුවෙන් එම මාර්ගය භාවිතා කරන මගී ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති.

හලාවත – කුරුණෑගල අතර ධාවනය කෙරෙන පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුට පසුගිය 18 වැනිදා පස්වරුවේ පඩුවස්නුවර, කොටම්පිටිය හන්දියේදී පිරිසක් විසින් පහර දී ඇති අතර පහර කෑමට ලක් වූ කොන්දොස්තරවරයා බිංගිරිය දිසා රෝහලට ඇතුලත්කිරීමෙන් පසුව මේ වනවිට හලාවත මහ රෝහලට මාරු කර යවා තිබේ. මෙම පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස අද හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර තිබිණි.

පොලිසිය විසින් අධිකරණය වෙත නිවැරදි කරුණු ඉදිරිපත් නොකිරීම නිසා සැකකරුවන් ඇප මත මුදාහළ බව කියමින් වැඩ වර්ජනය ආරම්භ කළ හලාවත – කුරුණෑගල පුද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉල්ලා සිටින්නේ නිවැරදි කරුණු සහිතව නැවත වතාවක් එම නඩුව අධිකරණය හමුවේ යළි කැදවන ලෙසටය.

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article