Thursday, May 2, 2024

‘හොර ’ කොන්දොස්තර පිහියෙන් ඇණ ‘හොද’ කොන්දොස්තර රෝහලේ !

Must read

බලපත‍්‍ර රහිතව මගීන් ප‍්‍රවාහනය කිරීමේ යෙදුණු බව කියන බස් රථයක කොන්දොස්තරවරයෙකු විසින් මන්නා පිහියකින් ඇණීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ අන්තර් නගර සේවා පුද්ගලික කොන්දෙස්තරවරයෙකු අද (20 දා ) කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබීය.

මෙලෙස පිහි ඇණුම් කා ඇත්තේ කුලියාපිටිය – කොළඹ අන්තර් නගර සේවා පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකි.

මාර්ග බලපත‍්‍ර නොමැති බස් රථයක් කාර්යාලයීය සේවා වශයෙන් කුලියාපිටිය බස් නැවතුම්පොල අසලින් අද උදෑසන ගමන් ආරම්භ කිරීමට සැරසීම පිළිබදව විමසීමට ගිය අවස්ථාවේදී මෙම අන්තර් නගර සේවා පුද්ගලික බස්රථ කොන්දොස්තරවරයාට බලපත් රහිතව ධාවනය කිරීමට සූදානම් වූ බස් රථයේ කොන්දොස්තරවරයා බව කියන අයෙකු විසින් මන්නා පිහියකින් පහර දී තිබේ.

මෙම මන්නා ප‍්‍රහාරයට විරෝධය පළකරමින් කුලියාපිටිය – කොළඹ අන්තර් නගර සේවා පුද්ගලික බස් සේවකයින් විසින් බස් රථ ධාවනයෙන් ඉවත් වී අද දහවල් වැඩ වර්ජනයක් ආරම්භ කළහ. එම වර්ජනයට සහය පළකරමින් කොළඹ – කුලියාපිටිය සහ මීගමුව – කුලියාපිටිය සාමාන්‍ය සේවා පුද්ගලික බස්රථ සේවකයින් විසින්ද බස් රථ ධාවනය කරවීම නවතා දැමූහ.

මේ තත්වය පිළිබදව කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍්‍රියන්ත මහතා බස් සේවකයින් කැදවා සාකච්ඡා කළ අතර, පහරදීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා බවට ලබාදුන් පොරොන්දුවත් සමග වර්ජනය අවසන් කළ බස් සේවකයෝ නැවත බස් රථ ධාවනය කරවීමට එක් වූහ.

පහර කෑමට ලක්වූ කොන්දෙස්තරවරයා මේ වන විට කුලියාපිටිය මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවෙයි.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

කුලියාපිටිය – කොළඹ අන්තර් නගර සේවා පුද්ගලික බස් සේවකයින් විසින් බස් රථ ධාවනයෙන් ඉවත් වී අද දහවල් වැඩ වර්ජනයේ යෙදුණු ආකාරය

kuliyapitiya_bus_1 kuliyapitiya_bus_2

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article