Saturday, May 18, 2024

හලාවත රෝහලට වකුගඩුවල ගල් ඉවත් කිරිමේ යන්ත්‍රයක් පිරිනැමේ

Must read

  DSC_1686වකුගඩුවල හට ගන්නා ගල් ඉවත් කර ගැනීමට අවශ්‍ය ලේසර් කිරණ යන්ත්‍රයක් නොමැති කම නිසා හලාවනත දිස්ත්‍රික් මහ රෝහලට එන රෝගින් පසුගිය කාලයේ දි දැඩි ලෙසින් පීඩනයට පත් වු අතර ඒ අනුව එම රෝගීන්ට සහන සැලසීම පිණිස හලාවත ශ්‍රී විජයාරාම විහාරස්ථ ඩී.එස්.වීරසුරිය පදනම විසින් එම රෝහලට අවශ්‍යය ලේසර් කිරණ යන්ත්‍රයක් පිරිනමා ඇත.වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක විජයාරාම විහාරාධිපති හලාවත සුමනසිරි ස්වාමින් වහන්සේ වෙතින් හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ කේ.පී.මල්ලවාරච්චි මහතා විසින් කර තිබු ඉල්ලිම ඇනුව එම යන්ත්‍රය පෙරේදා ( 7දා ) රෝහල් රැස්වීම් ශාලාවේ දි අධ්‍යක්ෂවරයා හා විශේෂඥ වෛද්‍ය කේ.විග්නේශ්වරන් මහතා වෙත පිරිනැමිණ.මේ එම අවස්ථාවයි. විජයාරාම විහාරස්ථානයේ දායක සභාවේ හා ඩී.එස්.වීරසුරිය පදනමේ නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article