spot_img
spot_img
Wednesday, June 24, 2026
spot_img
spot_img

හලාවත වැවිලි සමාගමෙන් ගුණාත්මක පොල් පැල රට පුරා බෙදා හැරීමේ වැඩ සටහනක්

Must read

ඉදිරියේදී පරිභෝජනයට අවශ්‍ය පොල් ප්‍රමාණවත් තරම් ජනතාවට ලබා දීම අරමුණු කරගෙන ගුණාත්මක තත්ත්වයෙන් යුත් පෙල් පැල රට පුරා බෙදා හැරීමේ වැඩ සටහනක් ආරම්භ කර ඇති බව හලාවත වැවිලි සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී චන්න දිසානායක මහතා පැවසීය.

හලාවත වැවිලි සමාගම සහ පොල් වගාකරුවන්ගේ සංගමය අතර පොල් පැල බෙදා හැරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා ඒ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හලාවත වැවිලි සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී චන්න දිසානායක මහතා මෙසේද පැවසීය.

දිවයින පුරා පාරිභෝගිකයින්ට පරිභෝජනයට අවශ්‍ය පොල් ලබා දීම හලාවත වැවිලි සමාගමේ අරමුණ වී තිබෙනවා.ඒ අතර තුර ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ තැනක් ගන්නා පොල් පැලද අප මේ වන විට ලබා දීම ආරම්භ කර තිබෙනවා.ඒ සදහා හලාවත වැවිලි සමාගම සතු ප්‍රධාන වතු වල පොල් පැල තවාන් මේ වන විට ආරම්භ කරන්නට අපිට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අතර තුර තමයි පොල් වගාකරුවන් අපෙන් ඉල්ලා සිටියා ඔවුන්ට ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ පොල් පැල ලබා දෙන ලෙස.එම අභියෝගය අපි බාර ගත්තා.ඒ අනුව තමයි අද අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේ දිවයින පුරා සිටින පොල් වගාකරුවන්ට අවශ්‍ය පැල ලබා දීමට.ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ පොල් පැල වගා කිරීම තුළින් ඉහළ අස්වැන්නක් ලබා ගන්නට වගාකරුවන්ට හැකියාව ලැබෙනවා.එවිට අපේ රටේ පරිභෝජනයට අවශ්‍ය පොල් ප්‍රමාණවත් තරම් සම්පාදනය කිරීමට වගාකරුවන්ට හැකියාව ලැබෙනවා.

පොල් වගාකරුවන්ගේ සංගමයේ උප සභාපති ශකිල විජේවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

දිවයින පුරා සිටින පොල් වගාකරුවන් මේ වන විට තම වගාවන් තුළ දෙවැනි හෝ තෙවැනි යටි වගාව ආරම්භ කළ යුතු වනවා.මේ වන විට අපේ රටේ වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ වයසින් වැඩි පොල් වගාවන්.එම වගාවන් ගෙන් පරිභෝජනයට අවශ්‍ය තරම් පොල් ලබා ගැනීමේ හැකියව අඩුයි.ඒ නිසා තමයි අපි අඩු කාලයකදී වැඩි අස්වැන්නක් ලබා ගත හැකි පොල් නැවත වගා කළ යුතු වන්නේ.

ඉදිරි මාස කීපය තුළ දිවයින පුරා සිටින අපේ සාමාජිකයින්ගේ අවශ්‍යතාවය අනුව ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ පොල් පැල ලබා දීමට අපට හැකියාව ලැබන බවයි අපේ විශ්වාසය.ඒ අනුව තවත් වසර 05 කට පසුව මෙරට ජනතාවට හිගයකින් තොරව පරිභෝජනයට අවශ්‍ය පොල් ලබා දීමට අපිට හැකියාව ලැබේවි කියා අපි විශ්වාස කරණවා.

මෙම අවස්ථාව හලාවත වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරී ජිනේෂ් මඩවල,නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වැවිලි) අනුර කරුණාතුංග,පොල් වගාකරුවන්ගෙ සංගමයේ අධ්‍යක්ෂක ප්‍රසන්න අමරතුංග මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article