spot_img
spot_img
Sunday, June 28, 2026
spot_img
spot_img

නඩු අවසන්වූ මත්ද්‍රව්‍ය – වනාතවිල්ලුවේදී විනාශ කරයි

Must read

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුකු අවසන් වූ මත් කුඩු ඇතුළු මත් ද්‍රව්‍ය තොගයක් පුත්තලම – වනාතවිල්ලුව,ලැක්ටෝ වත්තේ ස්ථාපනය කර ඇති දහනාගාරයේදී පුළුස්සා දැමීම ඉකුත් 27 වැනිදා සිදු කරන ලදි.

මෙහිදී අයිස් කිලෝ ග්‍රෑම් 14 යි ග්‍රෑම් 97 ක්,කුෂ් කිලෝ ග්‍රෑම් 39 යි ග්‍රෑම් 710 ක්,හෙරෙයින් කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 02 ක්,ගංජා සහ හෂීස් කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 139 ක්,මැන්ඩි මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 200 ක්,කොකේන් කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 30 ක් සහ මත් පෙති 26,262 ක්ද පුළුස්සා විනාශ කර දමන ලදි.

මීගමුව අධිකරණයේ සිට දැඩි රැකවල් මැද මෙම මත් ද්‍රව්‍ය තොගය වනාතවිල්ලුව දක්වා රැගෙන ඒමට කටයුතු කර තිබුණි.

මත් ද්‍රව්‍ය තොගය පුළුස්සන අවස්ථාවට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණි පෙරේරා මහත්මියද,රජයේ ජේෂ්ඨ රස පරීක්ෂකවරයා,ජාතික අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂකවරයා සහ මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සහකාර අධ්‍යක්ෂකවරයාද එක්ව සිටියේය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article