Saturday, May 18, 2024

හෝටල්වලින් ජරාව කන්න ගිය හොර PHI මාට්ටු වෙයි.

Must read

phi

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වශයෙන් ව්‍යාජ ලෙස පෙනී සිටිමින්, ආපන ශාලා හිමිකරුවන් බිය ගන්වා ඔවුන්ගෙන් අල්ලස් මුදල් ලබාගැනීමට උත්සහ කළ බව කියන පුද්ගලයෙකු වැල්ලව පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිල ඇදුමට සමාන ඇදුමකින් සැරසුණු මෙම පුද්ගලයා ගනේවත්ත සහ හිරිපිටිය ප්‍රදේශවල පිහිටි ආපනශාලා වෙත ගොස්, ඒවා පරීක්ෂා කිරීමේ යෙදී ඇති බව පොලිසිය කියයි. එම පරීක්ෂාවන්ගෙන් අනතුරුව අදාල ආපනශාලා සෞඛ්‍යාරක්ෂිත නොවන බව පවසා, ඒ පිළිබද නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට නම් තමන්ට අල්ලස් මුදලක් අවශ්‍ය බවට සැකකරු විසින් හෝටල් හිමියන්ට දන්වා ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෙම පුද්ගලයාගේ හැසිරීම පිළිබදව සැකකළ ආපනශාලා හිමිකරුවන් විසින් ඒ පිළිබදව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විමසා තිබේ. ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කළ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ වැල්ලව පොලිසියේ නිලධාරින් විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා නියෝග කළේය. වැල්ලව පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති  ඉහත ඡායාරූපය මෙම සිදුවීමට අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article