Monday, May 6, 2024

කුරුණෑගල පාසල් සිසුවියක ගොඩනැගිල්ලකින් බිමට පැනලා !

Must read

school_phone

පාසලට ගෙනා ජංගම දුරකථනයක් ගුරුවරයෙකුට හසුවීම හේතුවෙන් බියට පත් පාසල් සිසුවියක් දෙමහල් ගොඩනැගිල්ලකින් බිමට පැනීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකිරීමේ අවාසනාවන්ත පුවතක් කුරුණෑගලින් වාර්තා වෙයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා පාසලක දස වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි. ඇය අදාල පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙසද කටයුතු කරන බවද වාර්තා වෙයි.

අදාල සිසුවිය විසින් හොර රහසේ පාසලට ගෙනැවිත් තිබූ ජංගම දුරකතනයක් එම පාසලේ ගුරුවරයෙකු විසින් දැක ගුරුවරයාගේ භාරයට ගෙන තිබේ. ශිෂ්‍ය නායකාවක් ලෙස මෙලෙස පාසලේ විනය කඩකරන්නේ නම් අනෙකුත් සිසුන්ට ආදර්ශයක් දෙන්නේ කෙසේදැයි අදාල සිසුවියගෙන් ප්‍රශ්න කර ඇති ගුරුවරයා, පාසල නිමාවීමෙන් පසුව විදුහල්පතිවරයා හමුවී ජංගම දුරකතනය ලබාගන්නා ලෙසට දැනුම් දී ඇති බව පැවසෙයි.

ජංගම දුරකථනය හසුවීම හේතුවෙන් කලබලයට පත් සිසුවිය ගුරුවරයා අවවාද කරමින් සිටින අතරතුරදීම ගොඩනැගිල්ලේ විවෘත කෙලවරකට දිව ගොස් එහි සිටි බිමට පැන ඇති බවද කියැවෙයි. ගොඩනැගිල්ලෙන් බිමට පැනීම හේතුවෙන් තුවාල ලැබූ සිසුවිය රෝහල්ගත කර ඇති අතර ඇගේ දෙපාවලට බරපතල ලෙස හානි වී ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article