spot_img
Saturday, March 7, 2026
spot_img

බැසිල් , ජවිපෙන් දෙවැනි මනාපය ඉල්ලලා !

Must read

මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු පාර්ශ්වයකට සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඔවුන්ගේ දෙවැනි මනාපය පොහොට්ටුවට ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා හෙළිදරව් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (16) මහනුවරදී පැවති රැස්වීමක් අමතමිනි.

“මං ඕනෙ නම් පොඩි රහසක් වගේ එකක් කියන්නම්. මීට මාස හතරකට විතර කලින් බැසිල් රාජපක්ෂ මහතා අපේ පක්ෂයේ නායකයෙක්ට කතා කරලා කියලා තිබුණා 44%ක් වගේ තමයි උපරිම තිබෙන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි මනාපය පුළුවන්ද ඒගොල්ලොන්ට ගන්න කියලා.

අපි කිව්වා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ, ඡන්දදායකයෝ අපිටවත් මනාපයක් දෙන්නෙ නෑ, ඒගොල්ලො ලකුණට විතරයි ගහන්නෙ. ඒනිසා ඒක කොහොමත් කෙරෙන්නෙ නැතිවෙයි කියලා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

www.lankanewsweb.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article