spot_img
Saturday, March 7, 2026
spot_img

හලාවත ලැගුම්හලකින් අත්අඩංගුවට ගත් පිරිස ඕස්ට්‍රේලියාවට පැනීමට සූදානම් කළ පිරිසක්ද

Must read

handcuff
(12.16pm)හලාවත සුදුවැල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යන නිවාඩු නිකේතනයක ලැගුම් ගෙන සිටි පුද්ගලයින් 13 දෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා හලාවත මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛේ.

සැකකරුවන් අතර පිරිමි පුද්ගලයෝ 11 දෙනෙක් ද කාන්තාවන් දෙදෙනක් සිටිති. ඔවුහු වයස අවුරුදු 22 ත් 40 ත් අතර වයස්වල පසුවන යාපනය පලෙයිල කිලිනොච්චිය සහ මඩකලපුව ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති.

පුද්ගලයින් පිරිසක් මෙම නිවාඩු නිකේතනයෙහි ලැගුම් ගෙන සිටි බවට ලද තොරතුරක් අනුව හලාවත පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එම නිවාඩු නිකේතනය වෙත ගොස් පරික්ෂා කළ අවස්ථාවේ දී මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙම පිරිස තැරැව්කරුවකු මගින් නිති විරෝධි ලෙසින් මිනිසුන් රැකියා සඳහා ඕස්ට්‍රේලියාව කරා මුහුදු මාර්ගයෙන් බෝට්ටුවලින් යාමට පැමිණ බෝට්ටුව පැමිණෙන තෙක් මෙහි ලැගුම් ගෙන සිටි බවට සැක කරයි.


ඔගස්ටින් ප්‍රනාන්දු – හලාවත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article