spot_img
Saturday, March 7, 2026
spot_img

‘දුප්පත්දරුවන්ට පොත් ලබාදීමේදී පක්ෂග්‍රාහී නොවිය යුතුයි’ – එජාප මන්ත්‍රී අරුණ ශාන්ති කියයි

Must read

560x390වෙන්න්පුපව ප්‍රාදේශීය සභාව 2019 අයවැයෙන් ප්‍රාදේශීය සභා බල ‍ප්‍රදේශ 25කට පාසල් පොත් ලබාදීම සදහා ලක්ෂ 50ක් වෙන්ව තිබේ. මෙම ලක්ෂ 50ක් වටිනා පොත් නියමාකාරයෙන් ලැබිය යුත්තන් අතට ලැබුණාද යන ප්‍රශ්නය මෙවර වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභා වාරයේදී මන්ත්‍රීවරු දෙපළක් විසින් මතුකර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී රංග ගුණසේකර මහතා පවසා විසින් මෙම පාසල් පොත්  ප්‍රතිපාදනය ශ්‍රිලනිප මන්ත්‍රීන් දෙදෙනෙකුටත් මන්ත්‍රීවරියකටත් ලබාදී නොමැති බව ප්‍රකාශ කර ඇති අතර මෙම ලක්ෂ

50ක් වටිනා පාසල් පොත් වෙන්නප්පුව බල ප්‍රෙද්ශයේ අඩුආදායම්ලාභින්ට ලබාදුන් ආකාරය පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙසද සභාපතිවරයාට දැනුම් දී තිබේ.
එජාප මන්ත්‍රී අරුණ ශාන්ත විජේතුංග මහතා  සභාවේ ප්‍රශ්න කරමින් පවසා ඇත්තේ මෙම පාසල් පොත් ලබාදීම  පක්ෂග්‍රාහීව  මන්ත්‍රීවරුන්ගේ සම්බන්ධකම් මත පමණක් සිදුවී ඇති බවයි. එමෙන්ම දුප්පත් ළමුන්ට පොත් ලබාදීමේදී පක්ෂග්‍රාහි නොවිය යුුතු බවත් ඔහු අවධාරණය කර තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article