spot_img
Saturday, March 7, 2026
spot_img

මුන්දලම – කීරියන්කල්ලිය ප්‍රදේශයේදී ගැටුමකින් පුද්ගලයෙකුට බරපතල තුවාල

Must read

attack

මුන්දලම – කීරියන්කල්ලිය ප්‍රදේශයේදී ඇතිවූ ගැටුමකින් එක් අයෙකු බරපතල කැපුම් තුවාල සහිතව ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව මුන්දලම පොලීසිය කියයි.

18 වැනිදා රාත්‍රී 8.30 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇත. සිද්ධියෙන් තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇත්තේ මුන්දලම – කීරියන්කල්ලිය පදිංචි ආර්.එම්.ජීවන්ත (අවු:35) නම් අයෙකි.කිසියම් ජාවාරමක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් ගැටුමක මුල වී ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇති බව පොලීසිය කියයි.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


ජුඩ් සමන්ත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article