spot_img
Saturday, March 7, 2026
spot_img

මුන්දලම මට්ටා වලකින් තරුණයෙකුගේ මළ සිරුරක් හමුවේ

Must read

murder-crimeමුන්දලම – කොත්තන්තිව් ප්‍රදේශයේ පවත්වා ගෙන යන කොහු මෝලක මට්ටා වළක තිබී  අවුරුදු 22ක තරුණයෙකුගේ මල සිරුරක් හමුවී තිබේ.

පසුගිය 25 වැනිදා සවස මෙම මල සිරුර හමුවී ඇත.  මිය ගොස් ඇත්තේ කල්පිටිය – පාලකුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන නිපුන් උදයංග (අවු:22) නම් වූ විවාහක අයෙකි.

මිය ගිය තරුණයා  මුන්දලම – කොත්තන්තිව් ප්‍රදේශයේ පවත්වා ගෙන යන කොහු මෝලක කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිට ඇත. පසුගිය 22 වැනිදා සවස මොහු  බීමතින් පැමිණ කලහකාරී ලෙස හැසිරී කොහු මෝලේ පිහිටි මට්ටා වලට පනින ආකාරය එම ස්ථානයේ සිටි තවත් අයෙකු දැක ඇති බව පොලීසිය කියයි. මොහු බීමතින් සිටින බොහෝ දින වල දී මට්ටා වලට පැන සිය දිවි හානි කර ගන්නා බව පවසන බැවින් කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් සොයා බලා නැත.  25 වැනිදා සවස මට්ටා වළ දෙසින් පැමිණ ඇති දුගදක් සම්බන්ධයෙන් සොයා බලන විට එහි තිබී මල සිරුර හමුවී ඇත.පසුව කොහු මෝලේ හිමිකරු වන අතුල ලක්ෂමන් යන අය විසින් මේ බව මුන්දලම පොලීසියට පැමිණිළි කරමින් දැණුම් දීමට කටයුතු කර ඇත. මිය ගොස් ඇති අයගේ මල සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත. මුන්දලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන් මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article