spot_img
Saturday, March 7, 2026
spot_img

මාරවිල කුරුස පල්ලිය ආසන්නයේ මුහුදු වෙරළේ කාන්තා මළසිරුරක්

Must read

100
මාරවිල  – කුරුස පල්ලිය ආසන්න මුහුදු  වෙරළේ තිබී නාදුනන කාන්තා   සිරුරක්  හමුවී ඇත. 20 වැනිදා දහවල් මෙම මළ සිරුර ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන ඒ බව පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.වයස අවුරුදු 50 ක් වන එම කාන්තාවගේ උස අඩි 05 ක් පමණ වේ.සුදු පැහැති කාන්තා ඇදුමකින් උඩු කය තිබූ අතර යට කය කිසිදු ඇදුමක් තිබී නැත.

එම කාන්තාව අයත් බවට සැකකරණ දුඹුරු පැහැති කාන්තා අත්බෑගයක් මුහුදු වෙරළේ තිබී හමුවී ඇතත් හදුනා ගැනීමේ කිසිදු තොරතුරක් එහි තිබී නැත.මෙම කාන්තාව 20 වැනිදා මුහුදට ගසා ගෙන යන්නට හෝ වෙනත් හේතුවක් නිසා අනතුරට පත් වන්නට ඉඩ ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

මළ සිරුර හදුනා ගැනීම සදහා මේ වන විට මාරවිල මූලික රෝහලේ තැම්පත් කර ඇත.

මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.101 (1)


ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article