spot_img
Saturday, March 7, 2026
spot_img

මාරවිල ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනෙකුට කොවිඩ් ආසාධිතයි

Must read

coronavirus-4914028_1920

මාරවිල නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක ප්‍රාථමික අංශයේ ගුරුවරියන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බව සෞඛ්‍ය අංශ වලින් වාර්තාවේ.

හදුනා ගෙන ඇති ගුරුවරියන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ ස්වාමි පුරුෂයා බැංකු නිලධාරියෙකි.එම නිලධාරියාට කොවිඩ් ආසාධනය වී ඇති බව මීට පෙර අනාවරණය වී ඇත.

හදුනා ගෙන ඇති පාසල් ගුරුවරියන් දෙදෙනා සේවය කළ පාසලේ දරුවන් සහ සෙසු ගුරුවරුන් අහඹු පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කිරීමට කටයුතු කර ඇති බව මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසීය. ආසාධිත බවට හදුනා ගෙන ඇති පාසල් ගුරුවරියන් දෙදෙනා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටද සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article