spot_img
Saturday, March 7, 2026
spot_img

ලස්සනගම වල් අලි, වී ගෝනියට මිනීමරති.

Must read

වල් අලි දෙදෙනෙකු විසින් පහරදීම නිසා, ගල්ගමුව ලස්සනගම ප්‍රදේශයේ පදිංචි වයෝවෘද්ධ කාන්තාවක් අද අලුයම ජීවිතක්ෂයට පත් වූවාය.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ ගල්ගමුව ,උස්ගල සියඹලන්ගමුව, ලස්සනගම ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ඒ. උක්කුඅම්මා නැමැති 80 හැවිරිදි කාන්තාවකි.

දරුවන්ගෙන් වෙන් වී තනිව නිවසක වාසය කර ඇති බව කියන මෙම කාන්තාව ශබ්දයක් ඇසී අද අළුයම 2.30 ට පමණ නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී ඇගේ නිවස අසල රැදී සිටි බව කියන වල් අලින් දෙදෙනෙකුගේ විසින් ඇයට පහර දී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. කාන්තාවට පහරදුන් අලින් නිවසේ බිත්තියක් පෙරළා එහි කාමරයක ගබඩා කර තිබූ වී ගෝනි කිහිපයක්ද ආහාරයට ගැනීමෙන් පසු පලා ගොස් තිබේ.

ගල්ගමුව ක්‍රිෂාන් අරෝෂණ මාන්නප්පෙරුම

lasanagama2 lasanagama3 lasanagama1

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article