spot_img
Saturday, March 7, 2026
spot_img

ගංවතුරට සිරවී සිටි එකම පවුලේ 3ක් බේරාගනියි

Must read

අධික වර්ෂාවත් මුන්දලම පෙරියකඩවල වැව පිටාර ගැලීමෙන් ඇති වූ ජල ගැලීමෙන් පිටතට යා නොහැකිව සිරවී සිටි එකම පවුලේ සාමාජිකයෝ තිදෙනෙක් නාවික හමුදාව විසින් අද (20) බේරාගනු ලැබූහ. හදිසි ජල ගැලීම් තත්ත්වය හමුවේ නිවසෙන් පිටතට යාමට නොහැකිව සිරවී සිටි එකම පවුලේ මව, පුතා සහ දියණිය නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් විසින් මහත් පරිශ්‍රමයක් යොදා බේරාගනු ලැබූහ.

අධික වර්ෂාවත් සමග පෙරියකඩවල වැවේ ජලය පිටාර ගැලීම නිසා ඇළ මාර්ග උතුරාගොස් ජල ගැලීම් තත්ත්වයක් ඇති වී තිබේ. කෙසේ වෙතත් නාවික හමුදාවේ තම්බපණ්ණි නාවික නෞකා ආයතනයේ නිලධාරීහු මෙම මෙහෙයුම සිදුකර එම පිරිස බේරාගත්හ.

මුන්දලම ප්‍රදේශයේ නිවසක සිරවී සිටින එකම පවුලේ පිරිසක් මුදවා ගැනීම සඳහා සහය ලබාදෙන ලෙස වයඹ නාවික විධාන මූලස්ථානය වෙත කළ දැනුම්දීමකට අනුව විශේෂ නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් මෙම මෙහෙයුමට සහභාගිවූහ. 

උපුටා ගැනීම -ලංකාදීප

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article