spot_img
Saturday, March 7, 2026
spot_img

පාසල් සිසුන් යතුරුපැදිවලින් ප්‍රවාහනය කිරීමට නීතිමය ප්‍රතිපාදන නැහැ

Must read

පාසල් සිසුන් යතුරුපැදිවලින් ප්‍රවාහනය කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැති නමුත් රථවාහන පොලිසිය සානුකම්පිත හේතූන් මත මෙයට අවසර දී ඇති බව රථවාහන පරිපාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පැවසීය.

කොළඹ පැවති උත්සවයක් අමතමින් ඔහු කියාසිටියේ එලෙස යතුරුපැදිවල ගමන් කිරීමට අවසර ඇත්තේ වයස් අවශ්‍යතා සපුරාලන ධාවකයන්ට පමණක්

“පවතින මාර්ග නීතියට අනුව වයස අවුරුදු 5 ත් 10 ත් අතර පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමට අවසර නැත,” ඔහු පැවසීය.

එහිදී රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මාර්ග අනතුරු සම්බන්ධයෙන් පාසල් සිසුන් සහ උත්සවයට රැස්ව සිටි ජනතාව දැනුවත් කළේය.

2024 මැයි මාසය වන විට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන මිලියන 8.4ක් ලියාපදිංචි කර ඇති බවත්, ඉන් මිලියන 4.8කට වැඩි ප්‍රමාණයක් (58%) යතුරුපැදි බවත් ඔහු සඳහන් කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විසින් ත්‍රිරෝද රථ මිලියන 1.1 (14%) ලියාපදිංචි කර ඇත.

උපුටා ගැනිම – https://www.infosrilanka.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article